• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන්න හැදූ අය අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන්න – මනුෂ නානායක්කාර

9 December 2018
in දේශීය

මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන පන්සියය බැගින් අල්ලස් ලබාදීමට උත්සාහ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් මහින්ද රාජපක්ෂත් අල්ලස් කොමිසම හමුවට ගෙන ආ යුතු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාධ්‍ය හමුවට ඇවිත් මොනවාද කියන්නේ. මන්ත්‍රීවරුන්ගේ මිල වැඩි වුන නිසා මහින්ද රාජපක්ෂට 113 හදාගන්න බැරිවුනා කියලා තමයි කියන්නේ. මන්ත්‍රීවරුන්ට මිලියන 500 ගානේ දුන්නත් අරගන්න බැරිවුනා කියලා කියනවා. හරිනම් මේ අය අල්ලස් කොමිසමට අරගෙන යන්න ඕන. එදා අපි හරි කෙලින් තීරණයක් ගනිපු නිසා කෝටි පනහට නෙමෙයි, කෝටි සියයකට වුනත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු බිලිබාගැනීමට මහින්ද රාජපක්ෂටවත්, මෛත්‍රීපාල සිරිසේනටත් නොහැකි වුනා.

අපි මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපතිවීමේ සිහිනය බොද කළා. මහින්ද රාජපක්ෂට තමන්ගේ නඩු ටික බේරාගැනීමේ සිහිනය නැති කළා. හරියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද මහත්තයාගේ ඔලුව උඩින් කරඩුව තියද්දී මනුෂලා ඇවිත් කරඩුව ලිහලා දැම්මා වගේ කියලා දැන් සමහරු කියනවා. අද මහින්ද රාජපක්ෂගේ ගෝලයින්ට අපිත් එක්ක වෛරයක් ඇතිකරගෙන තියෙන්නේ ඒ නිසයි. මේ අයට රටට සිදුවූ විනාශය පිළිබද ප්‍රශ්ණයක් නෑ. රටට සිදුවෙන හානිය ගැන ප්‍රශ්ණයක් නෑ. මේ ඇතිවෙලා තියෙන කාලකණ්නිකම පිළිබද මේ අයට ප්‍රශ්ණයක් නෑ. අද ප්‍රශ්ණය තියෙන්නේ මේ රැල්ල වෙනස් කරපු මනුෂ එක්කයි. තැන් තැන්වල අපිට විරුද්ධව අභූත චෝදනා එල්ල කරන්න පටන් අරගෙන තියෙනවා. අපිට චෝදනා එල්ල කරන්නේ ජනාධිපති හීනය, අගමැති හීනය නැති කළ නිසයි. අපිට මොන අවලාද නැගුවත් අපි බිය වන්නේ නෑ. අපිට මොන චෝදනා එල්ල කළත් අපි පිටුපසට යන්නේ නෑ. අපි යුක්තිය ඉදිරියේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටි අය. සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි අය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි අය. අපි පියවරක් ඉදිරියට තැබුවේ කාටවත් බයේ නෙමෙයි. යැයි මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසිය.

මේ අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, පියසේන ගමගේ, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුද එක්ව සිටියහ.

Post Views: 17
Previous Post

රනිල් සහාය පලකරන යෝජනාවට රිෂාඩ් පක්ෂයි

Next Post

කැලිෆෝනියාවේ හිම නිසා විදුලියත් නැහැ

editor

editor

Next Post

කැලිෆෝනියාවේ හිම නිසා විදුලියත් නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved