27 April 2024
#විදෙස්

කැලිෆෝනියාවේ හිම නිසා විදුලියත් නැහැ

අමෙරිකාවේ හිම කුණාටුව හේතුවෙන් එරට දකුණුදිග කැලිෆෝනියවේ ප්‍රදේශ රැසක විදුලිබලය ඇනහිට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිම කුණාටුව හේතුවෙන් මේ වන විට ලක්ෂ 4කට ආසන්න පිරිසකට විදුලිය නොමැතිව තිබේ.

පසුගිය සති අන්තයේ ඇතිවූ මෙම හිම කුණාටුව හේතුවෙන් ඊයේ දිනයේ ගුවන් ගමන් රැසක් ද අවලංගු කර තිබේ. මහා මාර්ග ද හිමෙන් වැසී පැවතීම හේතුවෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇත.

බලධාරීන් ඉල්ලා සිටින්නේ, හැකි තරම් නිවාස තුළට වී සිටින ලෙසයි. ඇතැම් ප්‍රදේශවලට අඩි 12ක තරම් ඝනකම් හිම පතනයක් වාර්තා වී ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *