• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මනුස්සකම නැති රිය ධාවනය බොහෝ මරණවලට හේතුවයි – සභාපති කෝදාගොඩ කියයි

14 June 2019
in දේශීය

මනුස්සකම නැති රිය ධාවනය බොහෝ මරණවලට හේතු වී ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ අද (14)මහවැලි කේන්ද්‍රෙය්දි ‘‘මහමග අනතුරු අවම දේශයක්” යටතේ පැවැති වැඩ සටහනට එක්වෙමින්.

අනතුරට පත්වු පුද්ගලයා නිසි වෙලාවට රෝහල් කරා ගෙනියන්න කටයුතු නොකළ නිසා අහිංක ජිවිත මහ මග නැතිවෙන බවත් අනතරුට පත්වු පුද්ගලයින් රෝහල් ගත කරන්න කටයුතු කරන්න තරම් මනුස්සකම වැඩි දියුණු වි තිබිය යුතු බව කෝදාගොඩ මහතා පැවසිය.

ඒ තත්ත්වයට දියුණු වු විටයි රියදුරා මිනිසෙකු බවට පත්වන්නේ බවත් ඒ සදහා දැවැන්ත වැඩ සටහන් රටපුරා ක්‍රියාත්මක කරන බව හෙතෙම කියා සිටියේය.

සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” අද වන විට මාර්ගයේ ලක්ෂ අසුවක් පමණ රථවාහන ධාවනය වෙනවා. ලක්ෂ තිස් නමයක් පමණ තිබෙන්නේ යතුරු පැදි. ලක්ෂ එකොලහක් පමණ ත්‍රිරෝද රථ, හතළිස් දහසක් පමණ පාසල් වෑන් රථ තිබෙනවා.දැන් අළුතින් එකතුවුයේ කුලි රථ. මේ සියලු දෙනාටම ප්‍රශ්න තිබෙනවා. මේ සියලුදෙනාගෙන් වඩාත් ආරක්ෂාකාරීව වඩාත් ගුනාත්මක සේවාවක් ලබා ගන්න මාර්ග ආරක්ෂාව පිළිවද ජාතික සභාව කටයුතු කරනවා…”යිද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසිය.

මෙම උත්සවයේදී ත්‍රීරෝද රථ, පාසල් සේවා, කාර්යාල සේවා සහ කුලීරථ සේවා නියාමනය කරන ලෙස ඉල්ලමින් එහි සංගම් විසින් සංදේශ ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත ඉදිරිපත් කෙරිණ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පි.ජයම්පති හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමතිවරයාගේ අමාත්‍යාංශ ලේකම් මල්කාන්ති ඒකනායක යන මහත්ම මහත්මින් හා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ. ඡායාරූප සහ මාධ්‍ය නිවේදනය අමුණා ඇත.

Post Views: 5
Previous Post

හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය අයට ගෙවන වන්දි ඉහළට

Next Post

ලග්න වාසනාව සුපිරි ජයග්‍රාහකයාට සහ දසලක්ෂයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි

editor

editor

Next Post

ලග්න වාසනාව සුපිරි ජයග්‍රාහකයාට සහ දසලක්ෂයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved