27 April 2024
#ව්‍යාපාර

ලග්න වාසනාව සුපිරි ජයග්‍රාහකයාට සහ දසලක්ෂයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි

නිරන්තරයෙන් ජනතාවට ජය උදා කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් ඊයේ ( 13) දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී ලග්න වාසනාව 2470 වන වාරයේ සුපිරි ජයමල්ල වූ 2,908,114 ක මුදල දිනාගත් රාජාංගනය ප්‍රදේශයේ එන්.ඩී.එස්.කුමාර මහතාට අදාළ චෙක්පත පිරිනැමූ අතර එම ලොතරැයි පත අලෙවි කළ පානදුර අලෙවි නියෝජිත එල්.එන්.සුගන්ධි මහත්මියටද චෙක්පතක් සමගින් සහතික පත්‍රයක් ප්‍රදානය කරන ලදී.
තවද සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් අතරින් බිහිවූ දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 37 දෙනෙක් සදහාද අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම සිදුවිය.

කෝටිපති ශනිදා 430 වන විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ටෝයෝටා විගෝ රථය දිනාගත් කිරිවත්තුඩුව ප්‍රදේශයේ යූ.කේ.ඩී.ඩබ්.පි.මන්ජිත මහතාටද අදාළ මෝටර් රථය පිරිනමන ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා ඇතුළු පිරිස සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *