• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දට අගමැතිකම දැරීමට නිත්‍යනුකූල හිමිකමක් නැහැ – අතුරු නියෝගයක්

3 December 2018
in දේශීය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණය අද (03) නොතීසි නිකුත් කළේය.

පෙර පුවත  -2018-12-03 13:47:26

ආණ්ඩුව එරෙහි පෙත්සම විභාගයට ගන්නවාද ? නැද්ද ? – තීන්දුව අද

වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරු දැරීමට බලයක් නොමැති බවට ගොනු කර තිබූ පෙත්සමේ කරුණු දැක්වීම අවසන්ව තිබෙන අතර මෙම පෙත්සම විභාගයට ගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව අද (03) පස්වරු තුනට ලබාදෙන බවයි අධිකරණය කියා සිටියේ. 

වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද විභාග කිරීම ආරම්භ කෙරිණ.

ඒ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම තනතුරු දැරීමට බලයක් නොමැති බවට ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණේ පසුගිය 23 වනදායි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු එය ගොනු කර තිබුණා.

මේ අතර අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයද අද පෙරවරුවේ කෙසෙල්වත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කරන දිනයන්හිදී ශ්‍රේෂ්ඨාධිකරණ බල ප්‍රදේශය තුළ පුද්ගල කණ්ඩායම්, දේශපාලන පක්ෂ සහ සංවිධාන අයුතු ජනරාශියක් යොමු කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින්.

Post Views: 6
Previous Post

ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ සභාපතිනිය ජනපති හමුවෙයි

Next Post

තීන්දුවට මම එකඟ නෑ – මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියයි

editor

editor

Next Post

තීන්දුවට මම එකඟ නෑ - මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved