• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දට කරපු දේවල් මතක නෑ – ඇමැතිනි තලතා කියයි

15 October 2018
in දේශීය

නීතිපතිතුමා ගෙන්නලා නඩු පවරන්න උපදෙස් දෙනවා කියලා අපිට චෝදනා කරන අතර, හිටපු ජනාධිපතිට මතක නැහැ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු විදිහට නීතිපති දෙපාර්තමේන්තුව එයා යටතේ තියාගෙන හිටිය බව යැයි අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

හිටපු ජනාධිපතිවරයා සමහර වෙලාවට හීනෙන් බය වෙලා වගේ මම තමයි ජනාධිපති කියලා වැඩ කරන අතර ආපහු ආණ්ඩු පෙරලළා හෙට ජනාධිපති කියලා වැඩ කරනවා යැයි අමාත්‍යවරිය අනාවරණය කළේය. එසේම අධිකරණය ගැන මිනිස්සුන්ගේ තිබුණු විශ්වාසය විනාශ කරලා දාලා ශිරාණි බණ්ඩාරනායක මහත්මියව පැය 24 න් ගෙදර යවපු හැටි මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතකව වී ඇති බව අමාත්‍ය තලතා අතුකෝරළ පැවසිය.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය ” දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රිතුමාගේ අභියාචනයේ තීන්දුව දුන්නා. 2011 භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රිතුමා ඇතුළු පිරිස මැරුවේ. 2015 මේ රජය පත් කරලා ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ නායකත්වයෙන් නීතිපතිතුමාට ලැබුනු ස්වාධීනත්වය නිසා නඩු පවරන කල් කිසි කෙනෙක් නඩුව ඇල්ලුවේවත් නැහැ. ඇයි හිරුණිකාගේ තාත්තා තාත්තා කෙනෙක් නෙමෙයි ද. එහෙම තිබුණු නීතිපති දෙපාර්තමේන්තුව අද මෙයා කියනවා නීතිපතිව ගෙනල්ලා නඩු පවරනවා කියලා. මම එයාට කියන්ඩ ඕන එයා වගේ වැඩ කරන්න අපි ඇවිල්ලා නැහැ. මේකේ අපි හැමදාම ඉන්න ඇවිල්ලත් නැහැ . අපි බලය කියන එක දැකපු මිනිස්සු. බලය තියෙනවා නැති වෙනවා හැබැයි බලයට කෑදරකමින් හැම එකක්ම කරන්න උත්සාහ කරන්නේ නැහැ. නීතිපතිතුමා තමයි රජයට උපදෙස් දෙන්නේ එතුමා මාව මුණ ගැහෙන එක වරදක් නෙමෙයි. එතුමාට නියෝග කරන්න අපි උපදෙස් දීලා නැහැ. එයාට අමතක වෙලා තියෙනවා අගවිනිසුරුතුමියක් පැය 24 න් ගෙදර යවපු හැටිගගෙදර ඇරියා විතරක් නෙමෙයි එදා පාර්ලිමේන්තුවට ගෙන්නලා අඩු ගානේ ඕලෙවල්වත් පාස් නැති සමහර මන්ත්‍රිවරු හරහා අපහාසයට ලක් කලා. එතුමියගේ ගරුත්වය සම්පුර්ණයෙන්ම විනාශ කරලා දාලා මිනිස්සුන්ගේ අධිකරණය ගැන තිබුණු විශ්වාසය විනාශ කරලා දාලා ශිරාණි බණ්ඩාරනායක මහත්මියට පැය 24 න් ගෙදර යවපු හැටි මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතක ඇති. අපි ඒවා කරන්න සුදානම් නැහැ අපි සම්පුර්ණයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා තියෙනවා පහුගිය දවස්වල එක එක හීන දැක්කා අධිකරණය ගැන. හැබැයි අපේ ජනාධිපතිතුමා එතුමා ව්‍යවස්ථාදායක මණ්ඩලයට යෝජනා කරන කොට අධිකරණයේ විනිසුරුවරුන් කළ ඉල්ලීම්වලට සවන් දීලා අධිකරණයේ පත්වීම් කරලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමාට අමතක වෙලා තියෙනවා එයාට ඕන කෙනෙක් නීතිපති ලෙස පත් කර ගෙන ඒ පුද්ගලයාව අගවිනිසුරු ලෙස පත් කර ගෙන වැඩිය ඕන නැහැ මේ රත්නපුරේ තියෙනවා ඕන තරම් ෆයිල් යට ගහපුවා ගනාලන්ද එල්ලාවල මන්ත්‍රිතුමා මරපු වෙලාවේ ගෙවල් ගිනි තියපුවා අතුල ආටිගල මන්ත්‍රිතුමා මරපු එකේ ෆයිල් හොයා ගන්න බැරිව තිබුණා. මෙන්න මෙහෙම වැඩ කටයුතු වුණේ. අද ඒවා එයාට අමතක වෙලා තියෙනවා. යැයි අමාත්‍යවරිය පැවසිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ.විජේතුංග ,සබරගමුව පළාත් සභා මන්ත්‍රිවරුන් වන සමිත ආටිගල ,ඉෆ්ලාර් යෙහියා ,නිමල් විජේනායක,රත්නපුර නගර සභාවේ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

ජනතා අධිරාජ්‍ය බිහි කළ යුතුයි – ඇමැති රාජිත කියයි

Next Post

ඡන්දෙට එජාපය සුදානම් වෙයි ….. ආසන සංවිධායකවරුන් පත් කරන්නට

editor

editor

Next Post

ඡන්දෙට එජාපය සුදානම් වෙයි ..... ආසන සංවිධායකවරුන් පත් කරන්නට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved