• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දට බැරි වුණා ..! රනිල් මාව ගණන් ගත්තේ නෑ ….! ජනපති මෛත්‍රි කියයි

9 December 2018
in දේශීය

මහින්ද රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 113 හදාගන්න බැරි වෙච්ච කාරණය වුණේ මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් මිලියන 500 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහත්මයා හැර තව 224ක් පාර්ලිමේන්තුවේ සිටින අතර දේශපාලන පක්ෂවලට වෙන එක්කෙනෙක්වත් නැද්ද? අගමැති ලෙස නම් කරන්න යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රශ්ණ කර සිටියේය.

“ සාමාන්‍යයෙන් ගමේ කතාවක් තියෙනවානේ ඉගිලෙනකොටයි පාට පේනනේ කියලා.ඉතිං රනිල් වික්‍රමසිංහ මහත්මයාගේත් පාට පෙවුනේ ඉගිලෙනකොට තමයි. ඒ කියන්නේ බලය ලැබුණම.
එයා කොච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළත් අවුරුදු 25ක් තිස්සේ තමාගේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය නොදුන්න කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්මයා. මේ පහුගිය අවුරුදු තුනහමාරේ අගමැති විදියට විතරක් නෙමෙයි මගේ ජනාධිපති බලතලත් එයා පාවිච්චි කෙරුවා.කලගුණ සළකන්න මම ඒවා නොදැක්කා වගේ හිටියා එයා සමහර වෙලාවට ජනාධිපති විදියටත් නෙමෙයි මම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද කියලාවත් හිතන්නේ නැතුව තමයි එයා වැඩ කළේ. යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

දැන් අගමැති කෙනෙක් නෑ, ඇමති මණ්ඩලයක් නෑ, ජනාධිපති තනියම රට ගෙනියනවා. හැබැයි දෙයියන්ගේ පිහිටෙන්, තෙරුවන් සරණින්, රට හොඳට යනවා. රටේ ගැටුමක් නෑ.

කථානායකතුමාටයි මටයි දැන් පුළුවන්කම තිබුණා මේ ප්‍රශ්නය ඇතිවුණාට පස්සේ අවස්ථා කිහිපයක් අපි දෙන්නා එකට හමුවෙලා වාඩිවෙලා එතුමා මම ඉන්න තැනට පැමිණිලා මගේ ආරාධනයට, ඒ වගේම දුරකතනයෙන් මම හිතන්නේ අවස්ථා 15ක් 20ක් දැන් කතාකරලා තියෙනවා මේ සති 5හේ.එතුමාට සහ මට පුළුවන්කම ලැබුණා ඒදිනවල බොහෝ ගැටලු නාරාකරනය කරගන්න.

කථානායකතුමත් මමත් වැඩකරන විදියට අනිත් පක්ෂ, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වැඩ කරනවානම් මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යන්නේ නැතුව විසදන්න තිබුණා කියලා මම හිතනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Post Views: 2
Previous Post

එජාපය විනාශ කරන්නේ රනිල් – ජේ ආර්ගේ මුණුපුරා කියයි

Next Post

රනිල්ට දෙන්නේ නෑ කියනවානම් ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි – වජිර අබේවර්ධන කියයි

editor

editor

Next Post

රනිල්ට දෙන්නේ නෑ කියනවානම් ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි - වජිර අබේවර්ධන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved