• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද – මෛත‍්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීය යුතුයි

8 January 2019
in දේශීය

ප‍්‍රමුඛතම අවශ්‍යතාව මහින්ද – මෛත‍්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නොපමාව ගොඩනැගීම බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා අද(08) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ කවුරුන් හෝ එම දේශපාලන සන්ධානය ගොඩනැගීම ප‍්‍රමාද කරනවානම් හෝ එවැනි සන්ධානයක් අවශ්‍ය නැතැයි සිතනවානම් ඔවුන් සිදු කරන්නේ ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන් බිලිබාගෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට බෙදුම්වාදීන්ට අවශ්‍ය සහයෝගය අනියමින් ලබා දීම බවයි.

එහිදී වැඩිදුරටත් වීරවංශ මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” ඒ නිසා අපි විශ්වාස කරනවා, ‘මේ මොහොතේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාටත් ඓතිහාසික වගකීමක් පැවරී තිබෙනවා’ කියා. මේ දෙදෙනාගේ සමගිය මත තමයි මේ ෆෙඩරල් ව්‍යවස්ථාවට 2/3 බලය අහිමි කිරීමට හැකි වෙන්නේ. එය කළ හැක්කේ කෙසේද? මේ දෙදෙනාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ඉතා ඉක්මනින් ගොඩනැගීමෙන්. එය ප‍්‍රමාද කරන මොහොතක් මොහොතක් පාසා ශ‍්‍රී ලනිප මන්තී‍්‍රවරුන් බිලිබා ගැනීමට බලා සිටින පිරිසට අපි ඉඩ හදා දුන්නා වෙනවා. නමුත් මේ නව දේශපාලන සන්ධානය කඩිනමින් ගොඩනැගුවොත් එම ශ‍්‍රී ලනිප මන්තී‍්‍රවරුන්ට යම්කිසි පහසු දේශපාලන පරිසරයක් නිර්මාණය වෙනවා අර විදියේ තීරණයකට තල්ලූ නොවී ඉන්න. ඉතා වැදගත් 2/3 බලය අහිමි කරන එකයි. එම බලය දැන් නැති නිසයි කෝටි 200 බැගින් බෙදලා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ සිටින මන්ත‍්‍රීවරුන් 21දෙනා බිලිබාගන්න හදන්නේ. ඔවුන් බිලිබාගත හැක්කේ අපි ඔවුන්ව යම්කිසි අනාරක්‍ෂිත දේශපාලන පරිසරයක රදවා තැබුවොත් පමණයි. ඒ නිසයි ඔවුනට පහසු දේශපාලන පරිසරයක් අපි කඩිනමින් නිර්මාණය කළ යුත්තේ. ඒ පහසු දේශපාලන පරිසරය නිර්මාණය කිරීම වනාහි මෛත‍්‍රීපාල සිරිසේන – මහින්ද රාජපක්‍ෂ ඇතුළු දේශපාලන නායකත්වයේ ඒකාබද්ධතාවයෙන් නව දේශපාලන සන්ධානයක් කඩිනමින් ගොඩනැගීමයි.

කවුරුන් හෝ එම නව දේශපාලන සන්ධානය ගොඩනැගීම ප‍්‍රමාද කරනවා නම්, එවැනි දේශපාලන සන්ධානයක් අවශ්‍ය නැතැයි සිතනවානම් ඔවුන් සිදු කරන්නේ ශ‍්‍රී ලනිප මන්ත්‍රීවරුන් බිලිබාගෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට බෙදුම්වාදීන්ට අවශ්‍ය සහයෝගය අනියමින් ලබා දීමක්. මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයකින් මේ රාජ්‍යය බෙදුවොත් යළි එයට අනාගතයක් නැහැ. සුමන්තිරන් මන්තී‍්‍රවරයා පවසා තිබෙනවා. ‘මෙම ව්‍යවස්ථා ගෙන එන්නේ යළි වෙනස් කළ නොහැකි අන්දමටයි’ කියා. පාර්ලිමේන්තුව හදපු නීතියක් පාර්ලිමේන්තුවටත් වෙනස් කළ නොහැකි තත්වයක් එමගින් ඇති වෙනවා. එහෙමයි මේ ‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ’ සඳහන් වෙන්නේ. ඒ අනුව අනාගතයේදීවත් නිවැරදි කළ නොහැකි වරදකුයි මේ බෙදුම්වාදීන් සිදු කිරීමට සූදානම් වෙන්නේ.

ඒ නිසා ඒ වරද සිදු වීමට ඉඩ නොදී එය වැළැක්වීමේ එකම මාර්ගය වන නව දේශපාලන සන්ධානය ගොඩනැගීම නොපමාව සිදු කරන ලෙස යළිත් ජනාධිපතිවරයාගෙන් සහ විපක්‍ෂ නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ වරද සිදුවීමට ඉඩ දුන්නොත් මේ රටේ ඉතිහාසය යළි ලියැවෙනු ඇත්තේ අපේ පෑනෙන් ජනතා අභිලාෂයන් අනුව නොව, බෙදුම්වාදීන්ගේ හා විදේශ බලවතුන්ගේ පෑනෙන් ඔවුන්ගේ අභිලාෂයන් අනුවයි.’’ යැයි වීරවංශ මහතා පැවසිය.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, තරුණ කටයුතු ලේකම් උදයශාන්ත ගුණසේකර යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද සහභාගී වූහ.

Post Views: 11
Previous Post

කළුතර සෞඛ්‍ය සංවර්ධනයට රුපියල් මිලියන 20,000 ක් !

Next Post

ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්

editor

editor

Next Post

ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved