• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මළ මිනි මතින් දේශපාලනය කරන්න කාටවත් අයිතියක් නෑ – හිටපු කථානායක

24 March 2020
in දේශීය

ඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘභූමියත්, ජනතාවත් මුහුණදී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ කටයුතු කළ යුතු බවද පසුගිය දිනවල දිගින් දිගටම ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන, ව්‍යපාරික ප්‍රජාව ඇතුළු අංශ ගණනාවක් මෙහි වැදගත්කම පෙන්වා දුන් බවද හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

පළමු ශ්‍රී ලාංකික කොවිඩ් – 19 රෝගියා හඳුනාගත් අවස්ථාවේ මෙන්ම ඉන්පසුවත් තමා සියලු පක්ෂ කැඳවා සාකච්ජා කිරිමේ වැදගත්කම අවධාරණය කළේ එවන් වු ජාතික එකඟතාවයකින් පවතින තත්වයට මුහුණදෙනු මිස ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැත යන අදහසින් බව කරු ජයසුරිය මහතා කියා සිටියේය.

හිටපු කථානායකවරයා මේ බව පැවසුවේ අද (24) දින අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මැදුරේදී සියලු පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡාවේදිය.

මහජන නියෝජිතයන්ට මෙවන් අවස්ථාවකදී ස්වකීය ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කීරිමට ඇති යුතුකම හා අයිතිවාසික එවන් ප්‍රවේශයකින් තහවුරු වන බවද හිටපු කථානායකවරයා පෙන්වා දෙයි.

එහිදී කරු ජයසුරිය මහතා අවධාරණය කළේ දිනපතා වැඩිවන රෝගීන් සංඛ්‍යාව පාලනය කිරිම සඳහා මේ වන විට ගෙන ඇති සියළු ක්‍රියාමාර්ග පසු විපරම් කිරිම සහ ලෝක ආදර්ශ අනුව ගත හැකි නව ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කල යුතු බවයි.

එසේම අතිශයින්ම සංවේදී මානුෂීය ප්‍රශ්නයක් ලෙස සලකා දෛනිකව උපයන ආදායමෙන් සිය දරු පවුල් නඩත්තු කරන මිලියන 08 කට ආසන්න ජනතාව කෙරෙහි අවධානය යොමුකර ඔවුනට සහන සැලසීම.(මෙවැනි පිරිස්වලට දියුණු රටවල් මේ වන විට දෛනික ආදායමට සමාන මූල්‍යාධාර ලබාදී ඇති නමුත් අප රටේ පවතින තත්වයට සාපේක්ෂ ලෙස අවම වශයෙන් ඔවුනට සහන ආහාර මල්ලක් ලබාදීම ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. මේ වන විටත් ත්‍රිරෝද රථ රියදුරන්, කම්කරුවන්, ලොතරැයි වෙලඳුන් හා වෙනත් සුළු ස්වයං රැකියාවල නිරත වන්නන් විශාල පීඩනයකට මුහුණදෙමින් සිටියි.)

ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයද පෙන්වාදෙන පරිදි සම්පුර්ණයෙන්ම පිටුදැකීමට වසරක් ඉක්මවන කාලයක් ගතවිය හැකි මෙම වසංගත තත්වය හමුවේ සංවර්ධිත රටවල මෙන් නොව අඩු ආදායම් ලබන රටක් ලෙස අප රටේ ආර්ථිකයට එල්ල වන බලපෑම දිගු කලක් පැවතිය හැකි බැවින් පෞද්ගලික අංශයද විශාල දායකත්වයක් දරණ අපනයන, සංචාරක වැනි ක්ෂේත්‍ර රැකගැනීමට සැලස්මක් සකස් කීරිම.

මැතිවරණයකට වඩා ජනතාව ජීවත් කරවීම වැදගත් වන බව දැඩිව අවධාරණය කළ යුතුය. නමුත් මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදී ඇති බැවින් මීළඟ පියවර කුමක්ද යන්න පිළිබඳ සියලු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීය යුතු බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා අවධාරණය කළේය.

 

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

බොරු චෝදනා එපා – සජිත්ගෙන් මහින්දට උත්තරයක් !

Next Post

හෙලිකොප්ටර් මගින් විෂබීජනායක ඉසින්නේ නෑ – ගුවන් හමුදාව

editor

editor

Next Post

හෙලිකොප්ටර් මගින් විෂබීජනායක ඉසින්නේ නෑ - ගුවන් හමුදාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved