• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාධ්‍යවේදිනී දරීෂා ගැන අධිකරණය අද දුන්න නියෝගය

21 July 2020
in දේශීය

මෙරට , ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණවලට දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් විසින් බාධා කිරීමක් සිදුකර තිබේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න  අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

මෙම පැමිණිල්ල ඉකුත් දිනයෙහි කැඳවනු ලැබූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම  සිද්ධියේ විමර්ශනවලට අදාළව දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් ගේ ලැප්ටොප් පරිගණකය අධිකරණය විසින් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඉකුත් ජුනි මස 10 වන දා තම බාරයට ලබාගත් බව ප්‍රකාශ කර තිබුණි.

එහෙත් එම කරුණ ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ දරීශා බැස්ටියන් මාධ්‍යවේදිනියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් නූර්ඩීන් , තම සේවාදායකයිකාවගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ලබා ගත්තේ ජුනි මස 10 වන දා නොව ජුනි මස 04 වන දා බවට චෝදනා කර තිබුණි.

මේ හේතුවෙන් අදාළ ලැප්ටොප් පරිගණකය තුළ අන්තර්ගත දත්ත වෙනස් වීමකට ලක් ව තිබේ ද යන්න පිළිබඳව සොයා බැලීමක් සිදුකරන ලෙසද, එම නීතිඥවරයා මහෙස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලීම් කර තිබුණි.

ඒ අනුව අදාළ පැමිණිල්ල අද කැඳවු ලැබූ අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී සිටි දරීශා බැස්ටියන් මාධ්‍යවේදීනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජුනි මස 4 වන දා තම සේවාදායිකාවගේ නිවසට පැමිණ තිබුණ ද, ඔවුන් විසින් ලැප්ටොප් පරිගණකය රැගෙන ගොස් තිබුනේ ජුනි මස 10 වනදා බවට තමන්ට උපදෙස් ලැබී තිබෙන බව පිළිගත්තේය.

තොරතුරු සන්නිවේදනයේ දී ඇති වූ ගැටලුවක් මත තමන් මෙම කරුණ ඉකුත් නඩු දිනයේදී ප්‍රකාශ කළ බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා  අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම ක්‍රියාව තුළින් මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් මෙම පරීක්ෂණවලට හිතාමතාම බාධාවක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවට සැකයක් මතුවන බව අධිකරණය හමුවේ අවධාරණය කර ඇත.

දරීෂා බැස්ටියන් මාධ්‍යවේදිනිය ආරම්භයේ පටන්  මෙම විමර්ශනවලට බාධාකාරී ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අවසර දෙන ලෙස පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  මෙම සිද්ධිය හරහා මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් විමර්ශන කටයුතුවලට බාධාවක් සිදු කර තිබේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් එහි දී ඇය විසින් විමර්ශන කටයුතු වලට බාධාවක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන්නේ නම් නීතිමය පියවර ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අනතුරුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 8 වන දා කැඳවීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

මේ අතර ඉකුත් දින අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව විදේශගතව සිටින දරීශා බැස්ටියන් මාධ්‍යවේදිනියගේ මාමණ්ඩිය වන උපාලි ඉන්ද්‍රගුප්ත  ද, අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු විසින් දිවුරුම් පෙත්සමක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Post Views: 4
Previous Post

රංජිත්ගේ පෙත්සම විසිවෙයි.. නඩු ගාස්තු ගෙවන්නැයි නියෝග

Next Post

සමෘද්ධි ලාභීන්ට සහන ණයක්

editor

editor

Next Post

සමෘද්ධි ලාභීන්ට සහන ණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved