• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාලිමාව උත්සහ කරන්නේ ජනතාව තුළ ප්‍රශ්න ඇති කර වෛරය තුළින් බලය ලබා ගැනීමයි – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

18 March 2024
in දේශීය, පුවත්
මාලිමාව උත්සහ කරන්නේ ජනතාව තුළ ප්‍රශ්න ඇති කර වෛරය තුළින් බලය ලබා ගැනීමයි – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

රටේ ජනතාගේ ප්‍රශ්න වැඩි කර වෛරය නිර්මාණය කර ඒ තුළින් බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය උත්සහා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

එසේම රටේ ජනතාව ශක්තිමත් කිරිම වෙනුවට මැතිවරණයකින් හෝ වෙනත් ක්‍රමයකින් තමන්ගේ බලය ශක්තිමත් කර ගැනීමට රටේ පාලක පක්ෂය උත්සහ කරන බව ඊයේ (17) කොළඹ විපක්ෂ නායක කර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතා කියා සිටියේය.

සමගි ජනබලවේගය උත්සහ කරන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ජනතාව ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළක් ගොඩනැගීමට බවත් ජනතාවගේ දුක් විඳිම ආයුධයක් කර නොගෙන බලය ලබාගැනීමට උත්සහ නොකරන එකම දේශපාලන පක්ෂය සමගි ජනබලවේගය බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාන්නප්පෙරුම මහතා ‘‘අද වනවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ආර්ථිකය , විදේශ ප්‍රතිපත්ති , ජනතාවගේ මූලික අයිතිවාසිකම් , අනාගත සැලසුම් සියල්ල ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ජනතාවගේ තමන්ගේ අනාගතය හිතන්න බැරි තත්ත්වයට රට පත්වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක රටේ පාලක පක්ෂය උත්සහ කරන්නේ රටේ ජනතාව ශක්තිමත් කිරිමට නෙවෙයි. රටේ පාලන පක්ෂය උත්සහ කරන්නේ ඔවුන්ගේ බලය ශක්තිමත් කර ගන්න. ඔවුන් උත්සහ කරන්නේ මැතිවරණයකින් හෝ වෙනත් ක්‍රමයකින් තමන්ගේ බලය වැඩි කරන්න. බැසිල් රාජපක්ෂ ලංකාවට ආවේ ජනතාව විඳින දුකට විසදුමක් ලබාදෙන්න නෙවෙයි. පොදුජන පෙරමුණ නැවත ශක්තිමත් කරන්න තමයි බැසිල් රාජපක්ෂ හදිසියේම ලංකාවට ආවේ. මේ අතර රටේ ජනතාගේ ප්‍රශ්න වැඩි කරලා වෛරය නිර්මාණය කරලා ඒ තුළින් බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය උත්සහ ගනිමින් සිටිනවා. රටේ පාලක පක්ෂය ඔවුන්ගේ පක්ෂයේ බලය ශක්තිමත් කරන උත්සහ කරන අතර මිනිසුන්ට තිබෙන ප්‍රශ්න වලින් වෛරය නිර්මාණය කරලා බලට ලබා ගන්න ජාතික ජන බලවේගය උත්සහ කරනවා. පොදුජන පෙරමුණ හෝ ජාතික ජන බලවේගය ජනතාව ශක්තිමත් කරන්න , ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න , ජනතාව විඳින පීඩාවෙන් මුදවා ගන්න උත්තර හොයන තත්ත්වයක් පෙනෙන්නට නෑ. සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරන්නේ , දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරන්නේ , රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද කියලා තමයි සමගි ජනබලවේය සහ සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සොයා බලන්නේ. සමගි ජනබලවේගය උත්සහ කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නමුත් පොදුජන පෙරමුණ උත්සහ කරන්නේ ජනතාව පීඩාවට පත්කරලා ඔවුන්ගේ බලය ශක්තිමත් කර ගන්න. ජාතික ජන බලය උත්සහ කරන්නේ දුක් විඳින ජනතාවගේ කර මතින් බලය ලබාගන්න. පොදුජන පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ ලොකු වෙනසක් නෑ. ජනතාවගේ දුක් විඳිම ආයුධයක් කර ගන්නේ නැතිව , දුක්විඳිම භාවිතා කරලා බලය ලබාගන්න උත්සහ කරන්නේ නැති එකම දේශපාලන පක්ෂය සමගි ජනබලවේගය පමණයි යැයි මන්ත්‍රී අජිත් මාන්නප්පේරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8,542
Previous Post

හිටපු ජනපති මෛත්‍රීපාලගේ ඉල්ලීමට පොලොන්නරුවේ දරුවන්ට පාසල් පාවහන් බෙදා දෙයි

Next Post

පස්වන වරටත් රුසියානු ජනාධිපතිධුරයට ව්ලැදිමීර් පුටින්ට තේරී පත්වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
පස්වන වරටත් රුසියානු ජනාධිපතිධුරයට ව්ලැදිමීර් පුටින්ට තේරී පත්වෙයි

පස්වන වරටත් රුසියානු ජනාධිපතිධුරයට ව්ලැදිමීර් පුටින්ට තේරී පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved