• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරතවූවන්ට සහන දෙන්න – ජනපති

16 March 2024
in දේශීය, පුවත්
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරතවූවන්ට සහන දෙන්න – ජනපති

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් මෙම ගැටළු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු ඇතුළු කර්මාන්තය ආශ්‍රිත මතුව ඇති වෙනත් ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එහීදි ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට මැණික් කර්මාන්තය ආශ්‍රිත අපනයනය වැඩි කිරීමට මෙන්ම අගය එකතු කිරීම් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බව ද සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර නොගන්නට මෙවන් මාතෘකාවන් පිළිබඳව මේ අයුරින් හෝ කතා කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි. ජන ජිවිතය පවා දැඩි අවධානමකට ලක්ව තිබු අවස්ථාවක රටේ වගකීම භාරගත් ජනාධිපතිතුමා අද රට තුළ සිදු කර ඇති පරිවර්තනය පිළිබඳ තමා සතුටට පත්වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස් . සමරතුංග යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 7,464
Previous Post

ඉන්දු – ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා කඩිනමින් ශක්තිමත් කර ගත යුතුයි – ජනපති

Next Post

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

editor ttvnews

editor ttvnews

Next Post
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved