• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිය ගිය අහිංසක ජීවිතවලින් දේශපාලන වාසි ගන්න එපා – ඇමති මංගල

21 April 2019
in දේශීය

පාස්කු ඉරිදා උදෑසන කතෝලික පල්ලි කිහිපයකටත් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකටත් එල්ල කරපු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ඉතාමත්ම පිළිකුල් සහගත හෙළා දකින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය තනි පුද්ගලයකුගේ ක්‍රියාවක් නොවන බව ඉතාමත් ම පැහැදිලි බවයි.

මුදල් අමාත්‍යවරයා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශය පහත පරිදි සම්පුර්ණයෙන්.

ඉතාමත්ම සංවිධානාත්මකව, එකම වෙලාවට තැනින් තැන මෙවැනි බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ඇත්ත වශයෙන් ම 2015 අපි ආරම්භ කරපු ප්‍රජාතන්ත්‍රවාදී ගමන ආපස්සට හැරවීමේ කූඨ ප්‍රයත්නයක් බව ඕනෑම කෙනෙකුට පැහැදිලියි.

අපි 2015 ඉඳල ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය කියන කුලුනු මත මේ රට දියුණු කරල අද ක්‍රම ක්‍රමයෙන් මේ රට සෞභාග්‍ය කරා ගමන් කරනකොට යළි වතාවක් ලෝකයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සලකනකොට ඒ වගේම ආගම් වාදයට ජාතිවාදයට එරෙහිව රජය සාර්ථකව තමන්ගෙ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනකොට මේ සියල්ල ආපසු හැරවීමේ ප්‍රහාරයක් හැටියටයි අපි මේක දකින්නෙ.

විශේෂයෙන් ම ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් ඉලක්ක වීමෙන් ම අද ඉතාමත් ම වේගයෙන් සීග්‍රයෙන් වෙමින් තියෙන සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඊර්ෂයා කරන කණ්ඩායමක් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ක්‍රියාත්මක කළ බව පැහැදිලියි. ඒ වගේම පාස්කු ඉරිදා මෙවැනි දෙයක් ක්‍රිස්තියානි පල්ලි තුළ ක්‍රියාත්ම කිරීම තුළිනුත් මේ රට තුළ යළි වතාවක් ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන කොටස් බව පැහැදිලියි. අපි ජනතාවෙන් ඉල්ලන්නෙ ආවේගශීලි නොවී සංසුන්ව කටයුතු කරන්න කියල. මාධ්‍යවලින් මම ඉල්ලන්නෙ වගකීමෙන් කටයුතු කරන්න කියල. මේ වගේ ප්‍රහාරවලින් අහිමි වන ජීවිත ලෝකයට පෙන්නල ඒ අයට අගෞරව නොකරන සම්පදායක් තියෙනවා. පැරීසියෙ වෙන්න පුළුවන් අමෙරිකාවෙ එංගලන්තෙ වෙන්න පුළුවන් ඒ කිසිම රටකට ප්‍රහාරයක් එල්ල වුණ වෙලාවට බීබීසි එකෙන්, සීඑන්එන් එකෙන් ඒ මළ මිනී දිහා බලල සංතෝෂ වෙන්නෙ නෑ. එහෙම සතුටු වෙන්න මළ මිනී පෙන්නන්නෙත් නෑ.

මම මේ රටේ ජනමාධ්‍යයෙන් ඉල්ලනව මේ ශිෂ්ඨ සම්පන්න සම්ප්‍රදාය අනුගමන කරමින් මේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය අහිංසකයන්ගෙන් දේශපාලන වාසි ගැනීමේ ප්‍රයත්නය වහාම නවත්තන්න කියල මම ඉල්ලනවා. මේ මළ මිනී ලෝකයට පෙන්වන මාධ්‍ය කලාව වහාම නවත්වන්න ඕනෙ.

මේවායින් සතුටක් තෘප්තියක් ලබන දේශපාලඥයන් පිරිසක් ඉන්න පුළුවන්. මට ආරංචියි අපේ විපක්ෂ නායකතුමා දැන් මළ මිනී බල බල රූපවාහිනී කැමරා එක්ක යනව කියල. රාජපක්ෂලට කොහොමත් පණ එන්නෙ ලේ සුවඳ ආවමයි කියල අපි දන්නවා. මොකද එදා තිබුණෙ ලේ සුවඳන් ජීවත් වුණ රජයක්. මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම කෙනෙක්ම සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් හැම ආගමක් ම අදහන අයගෙන් බහුතරයක් මේ ඩ්‍රැකියුලා, වෑන්පයර් මාධ්‍ය කලාවට විරුද්ධයි.

අපි හැම කෙනෙක්ම අත්වැල් බැඳගෙන, අපි දිනාගත් නිදහස ආරක්ෂ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පක්ෂ බේද පසෙකලා එකතු වෙමුයි කියල මම ආරාධනා කරනවා.

මේ බියගුලු ම්ලේච්ඡ ප්‍රහාරයන්ගෙන් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට, තුවාල ලැබූවන්ට සහ පීඩාවට පත් වූවන්ට මම මාගේ කණගාටුව පළ කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

 

Post Views: 12
Previous Post

පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ සිට

Next Post

ඇඳිරි නීතිය ඉවත් කරයි

editor

editor

Next Post

ඇඳිරි නීතිය ඉවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved