• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිල සූත්‍රයකට වඩා ප්‍රශ්ණ ඇති බව අගමැති කියයි

10 October 2018
in දේශීය

මිල සූත්‍රයකට වඩා ලෝක තෙල් පිළිබඳ අර්බුදයක් මෙන් ම ඩොලරය පිළිබඳ අර්බුදයක් තිබෙන බවත් ජනතාවට සහන ලබාදිය යුතු බව රජය පිළිගෙන තිබෙන බවත් මෙම ප්‍රශ්නයට මුහුණ දී,රට එයට ලැස්ති කොට ප්‍රධාන ප්‍රශ්නයට විසඳුම් සෙවීමට තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේ දී ඉන්ධන මිල සූත්‍රය සහ ඉන්ධන මිල සම්බන්ධයෙන් පවතින තත්ත්වය විමසමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේය “ ලෝකයේ තෙල් මිල අනුව අපේ තෙල් මිල අඩුවෙනවා වැඩි වෙනවා. ක්‍රමවේදය ගෙනවිට ලෝක තෙල් මිල වැඩි වී තිබෙනවා. එහි අඩු වැඩි වීම කියන්න බැහැ.නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය වන තෙල් තෙල් මිල භාවිතය වැඩි වෙනවා සීත කාලය වැඩි වන නිස. එම නිසා නොවැම්බර් මසයේ කුමක් ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න වෙනවා. තෙල් භාවිතය ලෝකයේ වැඩි වී තිබෙනවා. ඉරනයේ සම්බාධක නිසා තෙල් මිල වෙනස් වෙන්නට පුළුවන්. යුරෝපයේ සමාගම් ඉරානයෙන් තෙල් ගන්න අකමැති වෙලා තිබෙනවා. ඩොලරය ශක්තිමත් වෙලා. මුද වල වටිනාකම අඩු වෙලා. දියුණු වන රටවලට ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙතැන දී ජනතාවට ලබාදෙන සහනය කුමක් ද තියලා තීරණය කරන්න ඕන. තෙල් සූත්‍රය දැම්මත් ලෝකයේ අර්බුදයක් තිබෙනවා. එතැනට විසඳුමක් කවුරු හෝ ලබාදෙන්නට අවශ්‍යයි. කාටවත් මෙය නිශ්චිත වශයෙන් කියන්න බෑ. හැමෝම නොවැම්බර් මාසයේ කුමක් ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ. මිල සූත්‍ර ක්‍රමවේද ඉන්දියාවේ වෙනස් වෙනවා. කොයි සූත්‍රය දැම්මත්, අද ලෝක තෙල් පිළිබඳ අර්බුදයක් තිබෙනවා. ඩොලරය පිළිබඳ අර්බුදයක් තිබෙනවා. අපි දැන ගන්න ඕන ආර්ථිකය හසුරුවන්නත්, ජනතාවට සහන දෙන්නත්, එය අපි පිළිගෙන අවසන්. හැම රටකම තෙල්වලින් බදු අය කර තිබෙනවා. එය ප්‍රධාන බද්දක් ආණ්ඩුවකට. අපි මේ සූත්‍රයට යන්න පෙරත් බදු අය කළා. හැම ආණ්ඩුවක් ම බදු අය කළා. මෙතැන තියෙන අර්බුදය බදු නොවේ. ලෝක තෙල් මිල අර්බුදයයි.අපිට සහනයක් ජනතාවට දෙන්න තියෙනවා. මේ ප්‍රශ්නයට මුහුණ දීලා,රට ඒකට ලස්ති කරලා, අද රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයට විසඳුම් සොයන්න තිවෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Post Views: 9
Previous Post

මහින්දට වැඩපිළිවෙලක් නෑ……. එයා නිරුත්තරයි ….. – බිමල් කියයි

Next Post

පෙට්‍රල් වැඩි කළාට ඩීසල් වැඩි කරන්නේ නෑ

editor

editor

Next Post

පෙට්‍රල් වැඩි කළාට ඩීසල් වැඩි කරන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved