• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුං ඇට රටකජු ගෙන්වීම සම්පුර්ණයෙන් නවත්වනවා – කෘෂිකර්ම ඇමැති

24 May 2019
in සංවර්ධන

ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවත්වන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරයා“ අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර පහලොස්දාහක විශේෂ ව්‍යාපෘතියක් මඟින් මුං වගා කිරීමට බලාපොරොත්තු වෙනවා ඉන් පසුව ලබන වර්ශයේ සිට මුං ඇට ආනයනය කිරීමට අවශ්‍යය වන්නේ නෑ. ඉකුත් වර්ශයේ මෙට්‍රික් ටොන් දහදාහක් පමන අප ගෙන්වලා තියෙනවා. හම්බන්තොට ඒ නව ව්‍යාපෘතිය සමඟ ඉදිරියේදී මුං ඇට ආනයනය ට අවශ්‍යය වන්නේ නෑ. ඒ වගේම යාපනය ,මුලතිව් ,කිලිනොච්චි දිස්ත්‍රික්ක වල කෘෂි නවීකරනය ව්‍යාපෘතිය මගින් රටකජු වගා කරලා තියෙනවා. එහි අස්වැන්න මෙට්‍රික් ටොන් තුන්දාහක් පමන බලාපොරොත්තු වෙන්න පුලුවන්. දැන් සම්පූර්ණයෙන්ම මෙරටට උඳු ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතරවෙලා තියෙනවා. උඳු ගෙන්වනවානම් රු දෙසියක බද්දක,පාඩුවට තමයි ගෙන්වන්න වෙන්නේ . පිටරටින් උඳු ගෙන්වීම නැවැත්වීම අප ලැබූ ජයග්‍රහණයක් වන අතර ඒක අපේ රටේ උඳු ගෙවියා නඟා සිටුවීමට ලොකු අත්වැලක් .විශ්වවිද්‍යාල මහාචාර්ය වරු කෘෂි විද්‍යාඥයින්ට මම උපදෙස් දුන්නා රටට අවශ්‍ය කෘෂිකාර්මික දත්ත සකසන්න කියලා. ආනයනය කලයුතු බෝග, මෙරට නිෂ්පදනය කල යුතු ප්‍රමානය කොහොමද කියලා තීරනය කරන්න ගොවීන් දැනුවත් කරන්න. අපි ඉදිරි සතිය තුළ වැඩසටහනක් සකසනවා.අපි පර්යේෂණ කරලා සොයගත් ඇතැම් දේ ගොවියා වෙත දැනුවත් කිරීමේ යාන්ත්‍රණය ක් තවම ගොඩනැගිලා නෑ. යල් කන්නයටත් මාස තුන හතරක් කාලය ගතවන වී වගා කරනවා. නමුත් අපි පර්යේෂණ කරලා අපේ රටේ මාස දෙකහමාරේ පූදින වී හෙයාගෙන තියෙනවා නමුත් ඒ සොයාගැනීම් ගොවියා වෙත යන්නේ නෑ අපි ඒ සඳහා යාන්ත්‍රණයක් හදනවා, “ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට වාරිමාර්ග අධ්‍යක්ෂ මොහාන් රාජා ඇතුලු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 15
Previous Post

ඥානසාර හිමි ජනපති හමුවෙයි !

Next Post

කුරූණෑගල ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

කුරූණෑගල ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved