• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ඡාවාරම නතර කිරීමට පුළුල් වැඩපිළිවෙලක්

28 November 2019
in සංවර්ධන

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ අධ්‍යක්ෂිකා Miwa Panholzer Kato හා එකී සංවිධානයේ ගෝලීය නාවුක අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කොලේ ඇතුළු නියෝජිත පිරිසක් අද (28) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී හමු විය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති මත් ද්‍රව්‍ය භාවිතය හා බන්ධනාගාර තුළ සිට මත් ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යෑමට අදාළ කරුණු පිළිබදවත් මෙම තත්වය නැති කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදවත් ජාත්‍යන්තර මට්ටමේ දැනුම හා ක්‍රමවේදයන් උපයෝගි කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබදවත් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම අංශය මගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති මෙම තත්වය නිවැරදි කොට මත් ද්‍රව්‍ය වලින් තොර බන්ධනාගාර පරිසරයක් සැකසීම සදහා අවශ්‍ය තාක්ෂණික හා වෙනත් සහයෝගයන් ලබාදීමට සුදානමින් සිටින බවට ප්‍රකාශ කරන අතර මෙම ක්ෂේත්‍රයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉතා ළගින් කටයුතු කොට සිරකරු සුභ සාධනය සදහා ගත යුතු පියවර ගැනීම සදහා අධිකරණ අමාත්‍යාංශය නිරතුරුවම සුදානමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

දැනට බන්ධනාගාර තුළ ඇති පරිසරය පහසුකම් හා රැදවියන් වෙත ලබාදිය හැකි පහසුකම් ප්‍රමාණවත් නොවන බව තමා වෙත වාර්තා වී ඇති බව ද බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය සදහා අවශ්‍ය යටිතල පහසුකම් සලසා දෙන පුළුල් වැඩ පිළිවෙළක් සකස් කිරීම නව රජයේ ප්‍රතිපත්තිය බවත් ඒ සදහා තමා කැපවන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

 

 

 

 

Post Views: 16
Previous Post

ikman.lk – දැන්වීම් පළ කිරීම් සලාකා සෙන්කඩ Sell Fast මධ්‍යස්ථානය තුළින්

Next Post

ජපන් රැකියා මවා මුදල් වංචා කළ කත අත්අඩංගුවට

editor

editor

Next Post

ජපන් රැකියා මවා මුදල් වංචා කළ කත අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved