• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට විදුලි බලය ගැන රුසියාවේ අවධානය

7 August 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය එල්.එන්.ජී. සහ ගල් අගුරු වෙත යොමුවී තිබිම රුසියාවේ ද යම් පෙළඹවීමක් ඇති කිරීම දෙරටටම වාසිදායක ක්‍රියාමාර්ගයක් වනු ඇති බව විශ්වාස කරන බව රුසියානු රජයේ තානාපති H.E. Yury Materiy මහතා පවසයි.

රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, රුසියානු රජයේ තානාපති H.E. Yury Materiy මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවක් පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවත්විණි.

එහිදී ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. ශ්‍රී ලංකාව තුළ විදුලිය උත්පාදනය කිරීමේ සාම්ප්‍රදායික මෙන්ම ප්‍රධානතම මූලාශ්‍රය ජලය බවත්, එමගින් අවම මිලක් යටතේ පරිසර හානියක් නොමැතිව විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි නමුත්, පවතින ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිටත් විදුලි උත්පාදන කාර්යය සදහා යොදාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස ගල් අගුරු, ස්වභාවික වායු වැනි මූලාශ්‍ර වෙත යොමු වු බවද රුසියානු තානාපතිවරයාට පැහැදිළි කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාව විදුලියනය අතින් ඉතාමත් ප්‍රශස්ථ මට්ටමකට පැමිණ සිටින බවත්, දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම වෙනුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජිත වායු බලාගාර පිළිබදවද අමාත්‍ය කරුණානායක මහතා තානාපතිවරයාට කරුණු පැහැදිළි කළේය.

ආසියානු කලාපීය රටවල් අතර විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ෂේත්‍රය වර්ධනය කිරීම පිණිස අවශ්‍ය සහයෝගය ලබාදීමට රුසියානු රජය වෙනුවෙන් තමා එකගවන බවත් පැවසීය. ඒ අනුව ගල් අගුරු සහ ස්වභාවික වායු බලාගාර ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට රුසියානු රජයේ මෙන්ම සමාගම් තුළ පෙළඹවීමක් ඇතිකිරීමට ක්‍රියා කරන බවද රුසියානු තානාපතිවරයා, අමාත්‍ය කරුණානායක මහතාට පැවසීය.

 

 

Post Views: 22
Previous Post

ඉන්දිය හිටපු විදේශ ඇමැති සුෂ්මා අභාවප්‍රාප්ත වෙයි

Next Post

ජාත්‍යන්තර පදක්කලාභීන් දෙදෙනෙකුට නිවාස පිරිනමයි

editor

editor

Next Post

ජාත්‍යන්තර පදක්කලාභීන් දෙදෙනෙකුට නිවාස පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved