• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ රටට විධායක ජනාධිපති ක්‍රමයක් සුදුසු නැහැ – ඇමැති රවි කියයි

8 January 2019
in දේශීය

මේ රටට විධායක ජනාධිපති ක්‍රමය සුදුසු නැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ 2018 වසරේ මාර්තු මස දිගන ප්‍රදේශයේ ඇතිවූ යම් කලහකාරී තත්ත්වයක් හේතුවෙන් විපතට පත් සිංහල සහ මුස්ලිම් පවුල් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ කරුණානායක මහතා “2018 මාර්තු මාසයේ දිගන ප්‍රදේශයේ ගැටළුවක් ඇති වුණා. එහිදී අපේ සිංහල සහ මුස්ලිම් පවුල් වලට හානි සිදුවුණා. ඒ අවස්ථාවේ මම පොරොන්දුවක් වුණා රජයෙන් වන්දි මුදල් ලැබෙන තෙක් රැකවරණයක් ලබාදෙනවා කියලා. අද මේ ඉටු කරන්නේ ඒ පොරොන්දුවයි. නමුත් මම මේ අවස්ථාවේ මතක් කරන්නේ ඒ නැති වූ ජීවිතවල වටිනාකම මුදලින් මිල කරන්න බැහැ කියල. හැකි ඉක්මණින් රජයෙන් ලැබිය යුතු වන්දි මුදල් ලබාදීලා මේ අයගේ ජීවිත සුරක්ෂිත කරන්න සැලසුම් කරලා තිබෙනවා.,

“පාර්ලිමේන්තුවේ බහුතරයක් සිටින පක්ෂයකට තවත් පක්ෂයක් සමග ඒකාබද්ධවී ජාතික ආණ්ඩුවක ස්වරූපයෙන් කටයුතු කළ හැකියි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් වශයෙන් ක්‍රියා කරනවා. එය තවත් පුළුල් කිරිමක් පමණයි තිබෙන්නේ. මේ අවස්ථාවේ වල්මත් වෙලා තනතුරුදීම නෙමෙයි කරන්න ඕන. අපි සියළුදෙනාම පක්ෂ භේදයකන් තොරව එකතු වෙලා සාමූහිකව කටයුතු කරන්නයි ඕන. ඒවගේම වැදගත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ටත් නැවත අවස්ථාවක් ලබාදෙන්න ඕන ජනතාවට සේවය කරන්න. එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අර්බුධයක් නැහැ.

වේදිකා හදන අය නෙමෙයි වේදිකාවල නටන්නේ. ඒකෙ වරදක් නැහැ. තවමත් විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා බව කතානායකතුමා කිව්වා. ඇත්ත වශයෙන්ම ජනාධිපති සහ විපක්ෂ නායක යන දෙදෙනාම එකම පක්ෂයකින් වෙන්න බැහැ. රටට අහිතකර දෙයක් වෙනවානම්, ආණ්ඩුවේ හෝ වේවා, විපක්ෂයේ හෝ වේවා එකම ස්ථාවරයක සිටිය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ඔප්පු වුණා රාජ්‍ය බැංකු වලින් ණය ගත්තාම අහිතකරයි කියලා. ඒ මෝඩ ක්‍රියාවම අපිත් කළ යුතුයිද. අපි දෙයක් කරද්දි ඒක ලේසියට නොවෙයි රටට අවැඩක් නොවන ආකාරයෙන් සිදුකල යුතුයි.

අපි ඡන්ද සමග යන දේශපාලන පක්ෂයක්. අපි ඒවාට බය නැහැ. අනිවාර්යනේම මැතිවරණයක් එනවා. මේ අවස්ථාවේ විපක්ෂයේ තවත් කොටසක් අන්තවාදය විකුණන්න හැදුවට අපි කිසිසේත් මේ රටේ ජනතාවට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. සැමටම එකට ජීවත්විය හැකි, ඒකීයභාවයෙන් යුත් රටක් තමයි මේ ව්‍යවස්ථාවෙන් ගේන්නේ. රටේ ආර්ථිකයට යම් ප්‍රශ්න ඇති කරලා ඒකට පැලැස්තර දාන්න ගිහිල්ලා තවත් අමාරු තත්ත්වයකට වැටෙනවා. අස්ථාවරතාවයක් තිබෙන වේලාවක රුපියල ස්ථාවරයිනම්, ස්ථාවර ආණ්ඩුවක් පත් වුණාම රුපියල කොහොමද අස්ථාවර වෙන්නේ. මහබැංකුවේ හොල්මන් ඉන්නකල් මේ තත්ත්වය වෙනස් කරන්න අමාරුයි” යැයි පැවසීය.

 

 

 

 

Post Views: 8
Previous Post

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයක්

Next Post

කළුතර සෞඛ්‍ය සංවර්ධනයට රුපියල් මිලියන 20,000 ක් !

editor

editor

Next Post

කළුතර සෞඛ්‍ය සංවර්ධනයට රුපියල් මිලියන 20,000 ක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved