• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නැහැ – අනුර දිසානායක කියයි

12 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටට තවදුරටත් මෙලෙස ඉදිරියට යා නොහැකි අතර මේ ගමන නව දිශාවකට යොමු කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (12) කොළඹ පැවැති සමුළුවක් අමතමින්. එහිදී දිසානායක මහතා කියා සිටියේ සහතික වශයෙන්ම මේ රට සෞභාග්‍යයේ මාවතට ගෙන යන බවට පොරොන්දු වන බවත් මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නොහැකි බවත් රටේ වැඩකරන ජනතාවට ආයාචනය කරන්නේ මේ රට ගොඩනගන මාවතට එකතු වන ලෙසයි.

අනුර කුමාර දිසානායක මහතා එම සමුළුව අමතමින් මෙසේ වැඩිදුරටත් කියා සිටියේය “මැතිවරණ දිනපොත අනුව මේ වසර අග ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයකදී අපේක්ෂා කරන්නේ එලඹෙන වසර පහක කාලය සඳහා රටේ පාලනය සඳහා තෝරා ගන්නේ කවර කණ්ඩායමද යන්න තීරණය කර ගැනීමයි. මෙය පළමු අවස්ථාව නෙමෙයි. නමුත් අපේ රටේ ජනතාව මීට පෙර අවස්ථාවලදී ඒ සඳහා හොඳම තෝරා ගැනීම සිදුකර ගැනීමට අසමත්ව තිබෙනවා. ඔවුන් තෝරා ගත් නායකයින්, කණ්ඩායම් රට ගෙනගොස් තිබෙන්නේ විනාශකාරී අන්තයකටයි.

මේ රටට තවදුරටත් ඒ විනාශය අත්වීමට ඉඩ දිය යුතු නැහැ. අප විසින් මේ රට භාරගත යුතුයි. මේ රට හැදිය හැකි රටක්. රටක් ගොඩනැගීම සඳහා මැජික්කරුවෙකු නැහැ. රට ගොඩනැගීම තනි පුද්ගලයෙකුගේ ඉන්ද්‍රජාලික ක‍්‍රියාවලියක් නෙමෙයි; සාමූහික ක‍්‍රියාවලියක්. ලොව සෑම රාජ්‍යයක්ම ගොඩනගා තිබෙන්නේ සාමූහික ක‍්‍රියාවලියක් තුළයි. රටට නායකත්වය දෙන අදුෂිත දේශපාලනයේ, රට ගොඩනගන දැනුම ලබාදෙන වෘත්තීයවේදීන්ගේ සහ රට මෙහෙය වන වැඩකරන ජනතාවගේ මැදිහත්වීම ඊට අවශ්‍යයි.

මේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ ඔබයි; වැඩකරන ජනතාවයි. වාර්ෂිකව ඇ.ඩො. බිලියන 88ක ධනයක් ඔබ විසින් නිෂ්පාදනය කරනවා. මේ ධනය උත්පාදනය වන්නේ වැඩකරන ජනතාව හෙළන ශ‍්‍රමයෙනුයි. මේ රටේ ජාතික ධනය නිෂ්පාදනය කිරීමේ ගෞරවනීය කොටස්කරුවන් ඔබයි. රට ගොඩනැගීම සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා වතු ක්ෂේත‍්‍රය නියෝජනය කරන වැඩකරන ජනතාව වැඩ කරන්නේ දේශපාලන නායකත්වය විසින් සකස් කරන සැලැස්මකට අනුවයි. නමුත් මෙතෙක් රටේ දේශපාලන නායකත්වය විසින් මේ රාජ්‍ය ආයතන පද්ධතිය විනාශ කරනු ලැබ තිබෙනවා.
2018 වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව රු. මිලියන 29,000යි, තෙල් සංස්ථාවේ පාඩුව මිලියන 10,400යි, ජලසම්පාදන මණ්ඩලයේ පාඩුව මිලියන 598යි, එයාර්ලංකා පාඩුව මිලියන 17,000යි, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1024යි, මිල්කෝ ආයතනයේ පාඩුව මිලියන 670යි, අයිටීඑන් පාඩුව මිලියන 327යි, සතොස පාඩුව මිලියන 2000යි, රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ පාඩුව මිලියන 406යි.

මොකක්ද සැබැවින්ම සිදුවී තිබෙන්නේ. වැඩකරන ජනතාවගේ වෘත්තීය සමිති දිගින් දිගට අපට පෙන්වා දෙන්නේ මේ ආයතන පාඩු ලැබිය යුතු ඒවා නොවන බවයි. සැබැවින්ම මෙසේ වී තිබෙන්නේ දේශපාලන නායකත්වයේ වැරදි තීන්දු තීරණ නිසයි. අර්ධ රාජ්‍ය ආයතන පාඩු ලබද්දී මෙතෙක් පැවති ආණ්ඩු විසින් කළේ එම ආයතන ඈවර කිරීමයි. මෙම තත්වය අපි නිසැක ලෙසම නතර කරනවා. මෙම රාජ්‍ය ආයතන නිවැරදි කළමනාකාරිත්වයක් අතට පත් කළ යුතුයි. මිල්කෝ ආයතනය අපේ යටතට පත් වන විට රු. මිලියන 500ක බැංකු ණය අයිරාවක් පැවතියා. එහෙත් අප ආණ්ඩුවෙන් ඉවත් වන විට රු. මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් එම ආයතනයට තිබුණා. දේශපාලන හිතවත්කම්වලට, ඥාතිකම්වලට තනතුරු භාරදීම අවසන් කළ යුතුයි. දැන් අර්ධ රාජ්‍ය ආයතන දේශපාලන පත්වීම්වලින් පුරවන ස්ථාන බවට පත් කරනු ලැබ තිබෙනවා. ඇමතිවරුන් විවිධ මිලදී ගැනීම් හා ඉදිකිරීම් මගින් විශාල මුදලක් හොරකම් කරනවා. මෙම තත්වය නතර කළ යුතුයි.

වැඩකරන ජනතාවට තෘප්තිමත්ව සේවය කළ හැකි ආකාරයට, වැඩිවන ජීවන අංකයට ගැලපෙන වැටුප් වැඩිවීමක් ලැබෙන පරිදි නීති සංශෝධනය කරනවා. වැඩකරන ජනතාව පෙළන මෑන්පවර් වහල් වෙළඳාම නතර කිරීමටත් ස්ථීර පත්වීම් කොන්ත‍්‍රාත් පදනමින් පිරවීම නතර කිරීමටත් පියවර ගන්නවා. උපාධිධාරීන් රාජ්‍ය සේවය තුළ ඵලදායී ලෙස සේවයේ නියුක්ත කරවීමට කටයුතු කරනවා. කම්කරු ජනතාවට ජීවත්වීමට සරිසන වැටුපක් සහතික කිරීමටත් ඔවුන්ට යහපත් ජීවන තත්වයක් උරුම කර දීමටත් කටයුතු කරන බවට පොරොන්දු වනවා. රාජ්‍ය සේවය තුළ පඹ ගාලක් බවට පත්කොට ඇති වැටුප අවුල සීරුවෙන් නිරාකරණය කරනු ලබන බවට පොරොන්දු වෙනවා.

වැඩකරන ජනතාව ලෙස ඔබ සෑම දෙනාම විවිධ වෘත්තීන්වල නියැලෙමින් පෞද්ගලික කාර්යයක නිරත වන බව පෙනුණත් ඔබ කරන්නේ සමාජමය කාර්යයක්. ඒ නිසාම එම කාර්යයේ නියුතුව සිට විශ‍්‍රාම ලැබූ විට බලා ගැනීම සමාජමය කාර්යයක්. සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ එවැනි සමාජ ආරක්ෂණ අරමුදලක්. 2008-2012 කාල පරිච්ෙඡ්දය තුළ තමන්ගේ ගජමිතුරන්ට ලාභ ලැබීම සඳහා ඊපීඑෆ් අරමුදල කොල්ලකෑවා. පාඩුව කෝටි 2800යි. 2015 මහ බැංකු බැඳුම්කර සිදුවීමේදී මහ බැංකුවෙන් ඍජුව බැඳුම්කර මිලදී ගැනීමට හැකිව තිබියෙදී ඊපීෆ් අරමුදල පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් මගින් බැඳුම්කර මිලදී ගත්තා. එයින් අරමුදලට කෝටි 2000ක පාඩුවක් සිදුකළා. අපේ පාලනයක් යටතේ එම අරමුදල සුරක්ෂිත කොට වැඩි ප‍්‍රතිලාභ වැඩකරන ජනතාවට ලබා දෙන බවට පොරොන්දු වෙනවා.

මේ වන විට රාජ්‍ය අංශයට බඳවා ගන්නා අයට තමන්ගේ විශ‍්‍රාම වැටුප් හිමිකම අහෝසි කොට තිබෙනවා. ඔවුනට අහිමි කළ විශ‍්‍රාම වැටුප නැවත ලබා දෙන බවට ප‍්‍රතිඥා දෙනවා. ස්වයං රැුකියාවල නියුක්ත ජනතාවට ඔවුන් වියපත් වූ පසු සමාජ ආරක්ෂණයක් ලැබෙන්නේ නැහැ. සමාජීය කාර්යභාරයක් සිදුකළ ඔවුන්ද සමාජය විසින් රැුකබලා ගතයුතු බැවින් ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරනු ලබන බවට පොරොන්දු වෙනවා.
අද වැඩකරන ජනතාවට තමන්ගේ පඩිපත ප‍්‍රමාණවත් නොවන නිසා වැඩි වේලාවක් අතිකාල වැඩකිරීමට සිදුව තිබෙනවා. ඔවුන්ට දිනකට පැය 10-12ක් වැඩ කිරීමට සිදුව තිබෙනවා. අනෙක් අතට අකාර්යක්ෂම පොදු ප‍්‍රවාහන සේවය නිසා වැඩකරන ජනතාව හෙම්බත් වී තිබෙනවා. ඔවුන් ජීවත්වීමට තිබෙන මුදලින් ප‍්‍රවාහන ගැටලූවට පිළිතුරු සෙවීමට උත්සාහ කරනවා. ලීසිං කරමින් වාහන ගැනීමට සිදුව තිබෙනවා. සමීක්ෂණයකින් සොයාගෙන ඇති අන්දමට අවසන් ලීසිං වාරිකය දක්වා ගෙවන්නේ 40%කට අඩු පිරිසක්. බොහෝ දෙනෙකු විශාල අමතර පීඩනයකට පත්ව තිබෙනවා. වැඩකරන ජනතාවට මහමගදී අනවශ්‍ය කාලයක් ගතකිරීමට සිදුවීම නතර කොට ඔවුන් වෙනුවෙන් කාර්යක්ෂම පොදු ප‍්‍රවාහන සේවයක් ස්ථාපිත කරනු ලබන බවට පොරොන්දු වෙනවා.

පඩිපතින් සෞඛ්‍යයට හා අධ්‍යාපනයට විශාල පංගුවක් වෙන් කිරීමට වැඩකරන ජනතාවට සිදුව තිබෙනවා. මෙම තත්වය වහා නතර කළ යුතුයි. දැනට රෝහලින් පිටතට පැමිණ ඇති අධික වියදම් සහිත සෞඛ්‍ය සේවාව වෙනුවට වැඩකරන ජනතාවට පහසුකම් සහිත සෞඛ්‍ය පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. දැන් පාසලින් පිටතට පැමිණ ඇති අධික වියදම් සහිත පෞද්ගලික අධ්‍යාපනය නැවත පාසල තුළට ගේනවා.

රටට තවදුරටත් මෙලෙස ඉදිරියට යා නොහැකියි. මේ ගමන නව දිශාවකට යොමු කළ යුතුයි. සහතික වශයෙන්ම මේ රට සෞභාග්‍යයේ මාවතට ගෙන යන බවට පොරොන්දු වෙනවා. මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නැහැ. අප මේ රටේ වැඩකරන ජනතාවට ආයාචනය කරන්නේ මේ රට ගොඩනගන මාවතට එකතු වන ලෙසයි යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 1
Previous Post

මහජන ආරක්ෂාව තරකිරීම හා ත්‍රස්තවාදී මර්ධන කටයුතු සඳහා ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර

Next Post

නාගරික සංවර්ධනයේදී කිසිදු ජාති බේදයකින් තොරව සැමට සේවය කළ බව ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

නාගරික සංවර්ධනයේදී කිසිදු ජාති බේදයකින් තොරව සැමට සේවය කළ බව ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved