• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ සටනේදී මම තනිවෙලා නෑ – ජනපති කියයි

24 November 2018
in දේශීය

තමා දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එම වෑයම රට වෙනුවෙන් හෙට දවසේ ජයග‍්‍රහණය කළහැකි වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මාතෘ භූමිය වෙනුවෙන් ගෙන යන සටනේ දී කිසිදු තැනක තමා තනී වී නොමැති බවත්, රටට ආදරය කරන සියලු පොදු ජනතාව තමා සමග අත්වැල් බැඳගෙන සිටින බවත් කියා සිටියේ ය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පස්වරුවේ කොළඹ ෂැංගි‍්‍රල්ලා හෝටලයේ පැවති ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ රජත ජයන්ති සම්මාන උළෙල අමතමින්.

2015 ජනවාරි 08 වනදා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් තමා සිදු කළේ දේශපාලනයේ උඩුගම්බලා පිහිනීමක් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද දවසේ රටට අහිතකර සියලු බලවේගයන් ඉවත් කරමින් ගෙන යන මෙම වැඩපිළිවෙළ ද දේශපාලනයේ උඩුගම් බලා පිහිනීමක් බව කියා සිටියේ ය.

එම සටනේ දී තමාට අහිවීමට ඇත්තේ තම තනතුර සහ ජීවිතය පමණක් බව ද සඳහන් කළ ජනාධිපතිවරයා එම අහිමිවීම් වුවද මාතෘ භූමියේ වෙනුවෙන් සතුටින් පිළිගැනීමට සූදානම් බව කියා සිටියේය.

තමාගේ සටන දූෂණයට, වංචාවට, ඒකාධිපතිත්වට, සමාජ විරෝධි කි‍්‍රයාවලට, මිනිස් අයිතිවාසිකම් උදුරා ගැනීමට, අයුක්තියට, අසාධාරණයට, දේශද්‍රෝහිත්වයට සහ රටට අහිතකර සියලු බලවේගවලට එරෙහිව බව සඳහන් කළ ජනාධිපතිතුමා අද දවසේ තමා වැරදි ලෙස පෙනෙන සියලු දෙනා හෙට දවසේ තමන් නිවරුදි නායකයෙකු ලෙස හඳුනාගනු ඇති බව ද සඳහන් කළේය.

එමෙන්ම තම සටනේ දී සුදු කළු බේදයක් තමාට නොමැති බව ද පැවසු ජනාධිපතිවරයා එම සටනේදී තමා කිසිදු අවස්ථාවක, කිසිදු තැනක සෙලවී නොමැති බව ද කියා සිටියේය.

වැරදිකරුවන් සහ නිවැරදි කරුවන් කවුද කියා හෙට දවසේ දී හෙළිවනු ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සංවාදයකට තමා සමග පැමිණෙන්නැයි තමන් ඉහළ පෙළේ ඕනෑම දේශපාලනඥයෙක්ට ආරාධනා කරන බවත් වැරදිකරුවන් සහ නිවැරදිකරුවන් කවුද කියා පැහැදිළි කර දීමට එහිදී තමා සූදානම් බවත් පැවසීය.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ තමන් තනතුරුවල බලෙන් රැදී සිටීමට වෙර දරන අයෙක් නොව තම ධූර කාලය තුළ තම වගකීම් සහ යුතුකම් රට වෙනුවෙන් නිසි ලෙස ඉටුකර සතුටින් නික්ම යන කෙනෙක් බවයි.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රජත ජයන්තිය වෙනුවෙන් පවත්වන ලද තරගවල ජයග‍්‍රාහකයන්ට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මහින්ද අමරවීර, සුමේධා ජී. ජයසේන, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, දුනේෂ් ගන්කන්ද යන මැති ඇමතිවරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරයේ සභාපති පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

පාකිස්ථානයේ ප්‍රහාර දෙකක්

Next Post

අරගලය අවසන් වෙන්නේ අගමැතිකමෙන්ම නෙමෙයි – වජිර අබේවර්ධන කියයි

editor

editor

Next Post

අරගලය අවසන් වෙන්නේ අගමැතිකමෙන්ම නෙමෙයි - වජිර අබේවර්ධන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved