27 April 2024
#දේශීය

අරගලය අවසන් වෙන්නේ අගමැතිකමෙන්ම නෙමෙයි – වජිර අබේවර්ධන කියයි

රටේ මේ වන විට පවතින දේශපාලනික ගැටළුව අවසන් වනුයෙ අග්‍රාමාත්‍ය ධුරය පමණක් නොව ජනාධිපති ධුරයත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ලබාගෙන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා අද (24) ගාල්ල උළුවිටිකේ පැවති එම පක්ෂයෙ රැස්විමක් අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව හැංගි මුත්තනම් ආණ්ඩුවක් බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන පක්ෂ එකට එකතු වී සිටින බවත් ආණ්ඩුවෙන් තව තුන්දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් පැමිණෙන්නත් සිටින බව හෙතෙම කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදිව මේ අරගලය විසදාගන්න වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත් කිරීමට නොහැකි බවත් 19 වැනි සංශෝධන අනුව අගමැති ඉවත්කරන්න ඔහු මිය යාමක් හෝ මන්ත්‍රි ධුරය අහෝසි විමක් විය යුතු බව මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු වජිර අබේගුණවර්ධන මන්ත්‍රීවරයා  ” 26 වැනිද නිති විරෝධිව අගමැතිවරයෙක් පත් කළා .පත් කිරිම ව්‍යවස්ථා විරෝධියි. නිවස බදු දුන්නේ වසර 05කට නමුත් ගිවිසුම මැද්දෙ.න් කැඩුවා හොරෙන් වෙන කෙනෙක් පත් වෙනවා. ව්‍යාජ කෙනෙක් පත්වෙනවා මේ ව්‍යාජ අගමැති ඉවත් කරන්න නිතියට අනුව කටයුතු කරන්න වෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *