• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ සිංගප්පුරු ගිවිසුම අපිට වාසි එකක් නෙමෙයි – ආචාර්ය අනිල් කියයි

4 October 2018
in දේශීය

නිදහස් වෙළඳ ගිවිසුමක් නම් එයින් දෙපාර්ශවයටම වාසියක් අත්පත් විය යුතු නමුත් මේ දිනවල කතාබහ වෙන සිංගප්පූරු ගිවිසුම අපිට වාසි එකක් නොවන බව ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

ආචාර්යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ආචාර්යවරයා කියා සිටියේ සිංගප්පුරු ගිවිසුම හරහා අපිට වාසි අත්පත් කරගන්න නම් අපි අපනයන වර්ධනය කරගත යුතු බවයි. එසේම නමුත් සිංගප්පූරුව වගේ රටක අපිට වෙළඳ පොළ විවෘත වෙනවද කියලා ගැටලූවක් තිබෙන බවයි.

ආචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “දැනටත් අපි අපනයන සිදුකරන්නේ වෙනත් යුරෝපා රටවල් කිහිපයකට. එනිසා ඉන් වාසියක් ලැබෙන්නේ නැහැ. බරපතල අවාසිය වෙන්නේ මෙම ගිවිසුම මගින් සිංගප්පූරුවේ ලියාපදිංචිවන වෙනත් ඕනෑම රටක සමාගමකට අපේ රටට කැලිකසළ ගෙනත් දාන්න පුළුවන්කම ලැබෙනවා. අපේ රට ඩම්පින්ග් යාර්ඞ් එකක් බවට පත්වීමේ අනතුරක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ ශ‍්‍රම වෙළඳපොළට විදේශ ශ‍්‍රමිකයින් එනවා. ඔවුන්ට අපි ගෙවිය යුත්තේ ඩොලර්වලින්. ඒවිට අපේ රටෙන් ඩොලර් පිටවෙනා. අපි කරට කර නැති නිසා මෙවැනි ගිවිසුම්වලින් අවාසියක් තමයි සිදුවෙන්නේ.

ට‍්‍රම්ප්ලාගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියත් අද අර්බුදයට ගිහින්. එනිසා ඇමරිකන් ආයෝජන වැඩිපුර චීනයට යුරෝපා රටවලට ඇදී යනවා. අපේ වැනි රටක ඔවුන් ආයෝජනය කරන්න පෙළඹෙන්නේ නැහැ. එනිසා අපිට ආයෝජන අහිමි වෙනවා. එය අපේ රුපියලට බලපානවා. නමුත් එය නොවෙයි සමස්තයට බලපාන්නේ.
මොකද ඩොලරයට සපේක්ෂව පමණක් නෙවෙයි අපේ රුපියල කඩාවැටිලා තිබෙන්නේ. අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂවත් රුපියල කඩා වැටිලා. ඇමරිකන් බලපෑම නිසා පමණක් නෙවෙයි රුපියල කඩාවැටෙන්නේ. අපි අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්තියේ දුර්වලතා නිසයි. ලිබරල්කරණයේ පියවරුන් වුණ ඇමරිකාවත් අද අර්බුදයට ගිහිල්ලා. ඔවුන් අද ඔවුන්ගේ රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න වැඩපිළිවෙළවල් අනුගමනය කරනවා. අපිත් ආදර්ශයට ගත් යුත්තේ එයයි. අපේ රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්නයි අපි ක‍්‍රියාමාර්ග ගත යුත්තේ. යැයි ආචාර්ය අනිල් ජයන්ත මහතා කියා සිටියේය.

Post Views: 17
Previous Post

2019 අයවැය සඳහා යෝජනා භාර ගැනේ – මුදල් අමාත්‍යංශය

Next Post

OSL Magazine හි  ජාත්‍යන්තර ආයෝජන අධ්‍යක්ෂ ලෙස එම්.එච්.මොහොමඩ් නිසායි පත් කෙරේ

editor

editor

Next Post

OSL Magazine හි  ජාත්‍යන්තර ආයෝජන අධ්‍යක්ෂ ලෙස එම්.එච්.මොහොමඩ් නිසායි පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved