• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යහපත් සමාජයක් ගොඩනගන්න බැරි හේතුව ජනපති පහදයි

6 August 2019
in දේශීය

මෙරට පවතින නීති රාමුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින ඇතැම් අඩුපාඩුත් හේතුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ ශ‍්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත පිළිගැන්වීමේ ජාතික උලෙළ අද (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති අතර උත්සව සභාව අමතමින්.

ශ‍්‍රී ලංකාව තුළ සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් දේශපාලන පක්ෂ හා මහජනතාව වෙත ඉදිරිපත් කිරීම අරමුණ කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

එකී යෝජනාවලිය සකස් කර ඇත්තේ ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ සියලු ආගමික නායකයින් හා පූජා ප‍්‍රසාදීන් වහන්සේලාගේ එකඟත්වයෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ඇති වරප‍්‍රසාදවලට අමතරව තවත් වරප‍්‍රසාද සඳහා අනුමැතිය ලබාදීමට තමා එකඟ නොවන්නේ, ජනතා මුදල් ඉසිලිය නොහැකි ආකාරයෙන් වියදම් කිරීම තමන් අනුමත නොකරන නිසාවෙන් බවය.

එමෙන්ම ගෞරවණීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික නායකයින්ගේ එකඟත්වයෙන් සකස්කර ඇති එම නිර්දේශ පිළිබඳව තමන් ද පූර්ණ එකඟත්වය ප‍්‍රකාශ කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඒ සඳහා එකඟත්වය ලබාදෙන්නේ නම් අදාළ නිර්දේශ ක‍්‍රියාවට නැංවීමට තම උපරිම සහය දක්වන බව ද කියා සිටියේය.

අතිපූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමියන් විසින් සභාපතිත්වය දරන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් මෙම නිර්දේශ මාලාව සකස්කර තිබේ.

මේ අවස්ථාවට ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ අනුනායක ත‍්‍රිකුණාමලේ ආනන්ද හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකවරු ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින් රැසක් ද එක්ව සිටියහ.

 

Post Views: 16
Previous Post

හොංකොං විරෝධතාකරුවන්ට චීනයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ඉන්දිය හිටපු විදේශ ඇමැති සුෂ්මා අභාවප්‍රාප්ත වෙයි

editor

editor

Next Post

ඉන්දිය හිටපු විදේශ ඇමැති සුෂ්මා අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved