• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටට අවශ්‍ය දියර කිරි මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පියවර – රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්

9 January 2024
in පුවත්, සංවර්ධන
රටට අවශ්‍ය දියර කිරි මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පියවර – රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්

රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

දැනට පවතින දියර කිරි කර්මාන්ත ශාලා 06ට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීමට අවශ්‍ය සාකච්ඡා ප්‍රංශ රජය සමග සිදුකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා “ රටට අවශ්‍ය දියර කිරි ප්‍රමාණයෙන් අප ස්වයංපෝෂිත නැහැ. ජාතික අවශ්‍යතාවයෙන් 40%ක් පමණයි නිෂ්පාදනය කරන්නේ. ඉතිරි 60% ක ප්‍රමාණය ආනයනය සදහා රුපියල් බිලියන 34කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට අපට සිදුව තිබෙනවා. වසරකට අපට කිරි ලීටර් මිලියන හත්සිය පනහක් අවශ්‍ය වුවත් අප විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ, ලිටර් මිලියන 350ක් පමණයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ ප්‍රංශ ආධාර සහිතව කර්මාන්ත ශාලා 06 ක් ආරම්භ කළා. වාරියපොල, වෙන්නප්පුව, අත්තනගල්ල, කොළඹ සහ පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත ශාලා ආරම්භ කර තිබෙනවා. මීට අමතරව නාවලපිටිය ප්‍රදේශයේ දියර කිරි නිෂ්පාදනාගාරයක් විවෘත කළා. මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය කිරි සැකසුම් උපකරණ ආනයනය කිරීම සහ දේශීය කාර්මිකයන් පුහුණු කිරීම සදහා රුපියල් ලක්ෂ 600ක ආධාර ප්‍රංශ රජය මගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් සඳහා නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය රුපියල් මිලියන 60 ක් වැය කළා. මෙම කර්මාන්ත ශාලාව මගින් දිනකට කිරි ලීටර් 5000ක් පරිභෝජනය සදහා නිකුත් කෙරෙනවා. ඒ වගේම යාපනය සහ කිළිනොච්චිය ප්‍රදේශවල මෙවැනි කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සදහා ප්‍රංශ රජය දැනුවත් කර තිබෙනවා. මෙවර අයවැයෙන් ද මිලියන 250ක් වෙන් කර තිබෙනවා. විශේෂයෙන් එළු කර්මාන්තය දියුණු කිරීම සදහා මිලියන 200 ක් ලබා දී තිබෙනවා. ඒ වගේම තීරුබදු සහන සහිතව විදෙස් රටවලින් ගෙන එන සත්ත්ව ආහාර සාධාරණ මිලට ගොවියාට ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුට උපදෙස් ලබා දී තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 20
Previous Post

චමින්ද වෙනුවට නයන වාසලතිලක

Next Post

ලග්ගල නව ප්‍රාදේශිය ලේකම් ලෙස සවර්ණා පෙරේරා වැඩ බාර ගනි

editor ttvnews

editor ttvnews

Next Post
ලග්ගල නව ප්‍රාදේශිය ලේකම් ලෙස සවර්ණා පෙරේරා වැඩ බාර ගනි

ලග්ගල නව ප්‍රාදේශිය ලේකම් ලෙස සවර්ණා පෙරේරා වැඩ බාර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved