• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට ආපස්සට අදින අය ගැන දුමින්ද හෙළි කරයි

24 June 2019
in දේශීය

මැතිවරණයක් ඉවර වුණාට පස්සේ පරාජය වුණ අය රට ආපස්සට අදින්නේ මොන රටේද, පරදින දවසේ ඉඳන් පැරදුන එකා දිනපු එකා කරන හැම වැඩේම හොඳ නෑ යැයි පවසන අතර එවැනි තත්ත්වයක රටක් දියුණු වෙන්නේ කොහොමදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, පොළොන්නරුව, මැදිරිගිරිය, විජයපුර ග්‍රාම නිළධාරී වසමේ නිළ සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

රජරට නවෝදය, ජනපති වැඩසටහනේ, පිබිදෙමු පොළොන්නරුව 2016-2020 වැඩසටහන යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදි කළ නිළ සෙවන කාර්යාල 180 ක් ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව පොලොන්නරුව මැදිරිගිරිය, විජයපුර ග්‍රාමසේවා වසමේ නිළ සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමි්නද දිසානායක මහතාගේ සුරතින් සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,” මැතිවරණයක් ඉවර වුණාට පස්සේ පරාජය වුණ අය රට ආපස්සට අදින්නේ මොන රටේද, පරදින දවසේ ඉඳන් පැරදුන එකා දිනපු එකා කරන හැම වැඩේම හොඳ නෑ කියනවා.ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ? ගම දියුණු වෙන්නේ? මේක නේද අපිට හෙණයක් වෙලා තියෙන්නේ.අල්ලපු ගමේ මේ වරද කළාට කමක් නෑ, මේ ගමෙන් ඒ වරද නිවැරදි කරන්න.ගම හදන කොට-ගම දියුණු කරන කොට කවුද ඒ වැඩේ කරන්නේ කියලා බලන්නේ නැතිව ගමට හරි දේ වෙනවා නම් හැමෝම එක මිටට එන්න, හැමෝම ඒ සංවර්ධනය වෙනුවෙන් පෙනී ඉන්න,හැමෝම ඒකේ හොඳ කථා කරන්න,නරක දෙයක් වෙන කොට විවේචනය කරලා ඒ විවේචනයත් එක්ක යෝජනාවකුත් කරන්න ඕන, ඕක කරන්න ඕන ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා.ඕක හරි නෑ කියලා ව්වේචජනය නෙමෙයි, නවත්තන්න කරන විවේචනය නෙමෙයි, වැරදි දේ නිවැරදි කරන්න විවේචනය කරන ගමන් වැඩපිළිවෙලක් තිබිය යුතු වෙනවා.එහෙම වුණොත් මේ රට හදන්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ රටේ ජනාධිපති නොවෙන්න, මොරගහ කන්ද හැදෙන්නේ නෑ, පොලොන්නරුවේ පාරවල් ටික හැදෙන්නේ නෑ, පාසල් ටික, රෝහල් ටික හැදෙන්නේ නෑ, මේ පහසුකම් කිසි දෙයක් ලැබෙන් නෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යයවරයා විදිහට මැරෙනකම් හිටියත් .හැබැයි පොලොන්නරුවේ සමහර අය ඡන්දය නුදුන්නත් අපි ඡන්දය දීලා රටේම ප්‍රගතිශීලී ජනතාව ඡන්දය දීලා පොලොන්නරුවෙන් නායකයෙක් හැදුව නිසා තමයි මේ සියලු සම්පත් පොලොන්නරුවට ලැබිලා තියෙන්නේ.ඒ නිසා ඒකේ කෙළෙහිගුණය තියන්න, ඒ ගැන ආඩම්බර වෙන්න,තවත් ඒ පහසුකම් අනාගතයේ ලබා ගන්න පුළුවන් නම් ඒ සඳහා රටේ වෙන පැත්තකින් නායකත්වය ගන්න කලින් පොලොන්නරුවේ ඔබතුමන්ලා නායකත්වය ගන්න.මේ පාර අයවැයෙන් බිලියන 09 ක් තියෙනවා පොලොන්නරුවට.පොලොන්නරුව දියුණු කළ යුතු දිස්ත්‍රික්කයක්, පොලොන්නරුව ජනතාවගේ ආදායම වැඩි කරන්න ඕන.වගාව, ආර්ථිකය, මානව සම්පත ශක්තිමත් කරන්න ඕනකම තියෙනවා.හැබැයි මේක භෞතික සම්පත් වලින් එහා ගිහින්, ජනාධිපතිතුමා කථා කරන මතින්, සූදූවෙන් තොර හොඳ ගමක් , හොඳ පවුලක් නිර්මාණය කළ යුතු වෙනවා යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, උතුරු මැද පළාත් සභාවේ හිටපු පළාත් සභා අමාත්‍යය සම්පත් ශ්‍රී නිලංග මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, රාජ්‍යය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

රටේ යහපතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී 18සහ 19 සංශෝධනයන් අහෝසි විය යුතුයි – ජනපති

Next Post

එජාප ජනපති අපේක්ෂකයා අන්තවාදි නොවන අයෙකු විය යුතුයි – ඇමැති රවි

editor

editor

Next Post

එජාප ජනපති අපේක්ෂකයා අන්තවාදි නොවන අයෙකු විය යුතුයි - ඇමැති රවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved