• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට ඉදිරියට යන්නනම් ශක්තිමත් ව්‍යාපාරික පන්තියක් ඕනෑ බව ඇමැති පාඨලි කියයි

11 February 2019
in සංවර්ධන

දේශපාලනඥයින්ගේ දේ දේශපාලනඥයින්ට දෙන ලෙසත් ව්‍යාපාරිකයින්ගේ දේ ව්‍යාපාරිකයන් ගන්නා ලෙසත් මහානගර හා බස්නාහිර සංව්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා එක්වූ අතර අමාත්‍ය අකිල විරාජ කාරියවසම්, අමාත්‍ය අජිත් පී. පෙරේරා, පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ යන මහත්වරුන් ඇතුලූ පිරිසක් ද සහභාගී විය.

බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකීර්ණය රුපියල් මිලියන 212 ක ආයෝජනයකින් ඉදිකරන ලද අතර මෙහි කඩ කාමර සංඛ්‍යාව 24 කි. බිම් මහලද ඇතුළුව මෙය මහල් 03 කින් සමන්විතය. මෙහි දෙවන සහ තෙවන මහල් කාර්යාල පහසුකම් හෝ වාණිජ කටයුතු සඳහා කුලී පදනම යටතේ ලබාදීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදැහස් දැක්වූ අමාත්‍යවරයා, “මේ රටේ ඉදිරියට යන්න නම් ධනය උත්පාදනය කරන්න නම් ශක්තිමත් ව්‍යාපාරික පන්තියක් ඕනැ. අද මේ රටේ කතා බහක් ඇතිවෙලා තිබෙනවා දේශපාලන පන්තිය අසාර්ථකයි. ඒ නිසා ව්‍යාපාරිකයෝ දේශපාලනය කළ යුතුයි කියලා. අපේ ව්‍යාපාරික ප‍්‍රජාවේ නොයෙක් දෙනා ඇවිත් කියනවා රට හදන මං ගැන. අපි එකක් මතක තියා ගත යුතුයි, රාජ්‍ය අංශයේ ආයතන ගෙනයාමයි, පෞද්ගලික අංශයේ ආයතන ගෙනයාමයි කියන්නේ දෙකක්. රාජ්‍ය අංශයේ කලාව සමහරවිට පෞද්ගලික අංශයේ සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයන්ට කරගන්න බැරිවෙයි. ඒ නිසා අද මේ රටේ සංවාදය ඇතිවීම ඉතාම හොඳයි. මොකද ඇමරිකා එක්සත් ජනපදයෙත් ජනාධිපතිධූරයට ව්‍යාපාරිකයෙක් පත් වුණා. එතුමා එක්සත් ජනපද ආණ්ඩුව ව්‍යාපාරික ආයතනයක් හැටියට පාලනය කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ලොකු ප‍්‍රශ්න ගණනාවකට එතුමා මුහුණ දී තිබෙනවා. මේ රජයක් කරගෙන යනවා කියන එකයි පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යනවා කියන එකයි බරපතල වෙනසක් තිබෙනවා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා ශක්තිමත් ව්‍යාපාරික පන්තියක්. ඒ වගේම දේශපාලනයයි ව්‍යාපාරයි අතරේ තිබෙන මේ සම්බන්ධයත් අපි තේරුම් ගත යුතුයි. හුඟ දෙනෙක් අපි දන්නවා මීට දශක හත අටකට කලින් දේශපාලනය පටන් ගන්න කාලේ ධනවත් ප‍්‍රභූ පන්තියේ පිරිස් ඒ අය තමයි දේශපාලනය කළේ. ඒ අයගේ ඉඩකඩම් විකුණලා තමයි දේශපාලනය කළේ. එස්.ඩබ්.ආර්. බණ්ඩාරනායක මැතිතුමා 56 ඡන්දෙ ඉල්ලූවේ එතුමාගේ රොස්මිඞ් පෙදෙසේ තිබූ නිවස රුපියල් අසූපන්දහසකට උගස් කරලා. ඒ වගේම ඩඞ්ලි සේනානායක මහත්මයා අභාවප‍්‍රාප්ත වන විට එතුමාගේ ගිණුමේ තිබුණේ ඉතාමත් සුළු මුදල් ප‍්‍රමාණයක්. ඒ කාළේ එතුමන්ලා දේශපාලනය කළේ තමන්ගේ දේපල ඉදිරියට තියලා. නමුත් අද දේශපාලනයට ඇවිත් ව්‍යාපාරිකයෝ වෙන්න උත්සාහ කරන අය ඉන්නවා. ඒ දේශපාලනය හරහා හම්බුකර ගන්න පුලූවන්ද කියල බලන අය ඉන්නවා. මම හිතන්නේ මේ නිසා මේරටේ ඉදිරිකාලයේදී එක් පැත්තකින් ව්‍යාපාරිකයෝ දේශපාලනයට එන්න හදනවා. අනෙක් පැත්තෙන් දේශපාලකයෝ ව්‍යාපාරිකයෝ වෙන්න යනවා. ඒ නිසා අපි මේ අතර සමබරතාවයක් ඇතිකර ගත යුතුයි.

අපි දැක්කා මේ රටේ භීෂණ යුගයක් තිබුණා 88-89. ඒ වෙලාවේ දේශපාලනඥයින්ට ආරක්‍ෂාවට තුවක්කු දෙන්න උනා. මිනිස්සු බය වෙලා හිටියේ. ටික දවසකින් තුවක්කුකාරයෝ කල්පනා කළා ඇයි මේ දේශපාලනය අපි කළහම මක් වෙනවාද කියලා. ඊට පස්සේ ඒ මැරයෝ කියලා හඳුනාගත්ත පිරිස දේශපාලන පන්තියක් බවට පරිවර්තනය උනා. දැන් අපට ඒකේ ප‍්‍රතිපළ මේ රටේ හැමතැනකම පේන්න තිබෙනවා. ඒ නිසා අපි මේ රට ඉදිරියට ගෙනයන්න නම් ඉතා පැහැදිලිව මේ ව්‍යාපාරිකයින්ගේ කටයුත්ත ව්‍යාපාරිකයින්ට භාර දී දේශපාලකයින්ගේ කටයුතු දේශපාලකයින් කරගෙන යා යුතුයි මිත‍්‍රවරුනි. ඒ සඳහා වෘත්තීය මට්ටමේ දේශපාලන ක‍්‍රමවේදයක් රටට අවශ්‍යයි. අද මේ කඩවලින් නිර්මාණය වන අපේ ව්‍යාපාරිකයින් ඔවුනගේ ජීවිත අලූත් වෙනවා වගේම, ආර්ථිකයට අලූත් යමක් මෙමගින් එක් වනවා වගේම ඉදිරියේ ගොඩනැගෙන බණ්ඩාරගම පුවරය රටේ ආර්ථිකයට ශක්තිමත් පසුබිමක් මේ නාගරික සංවර්ධන අධිකාරියෙත් රාජ්‍යයේ සෙසු ආයතනවලත් මැදිහත්වීමෙන් ලැබෙයි කියා යැයි පැවසීය.

 

Post Views: 12
Previous Post

ඉතිහාසයේ පලමුවරට මෙරට ව්‍යවසායකයින්ට ඩිජිටල් දත්ත ගබඩාවක්

Next Post

රාජ්‍ය මාධ්‍ය සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමට කමිටුවක් පත් කෙරේ

editor

editor

Next Post

රාජ්‍ය මාධ්‍ය සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමට කමිටුවක් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved