27 April 2024
#ව්‍යාපාර

ඉතිහාසයේ පලමුවරට මෙරට ව්‍යවසායකයින්ට ඩිජිටල් දත්ත ගබඩාවක්

දිවයින පුරා විසිර සිටින සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීම හරහා ඔවුන්ගේ ව්‍යාපාර ජනතාව අතරට ගෙන යෑමේ අරමුණින් එම ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුලත් ඩිජිටල් දත්ත ගබඩාවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) හරහා ස්ථාපිත කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඉතිහාසයේ පලමු වරට මෙවැනි දත්ත ගබඩාවක් ආරම්භ කෙරෙන අතර ,මෙවැනි දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීමට ප්‍රථම මෙම ව්‍යවසායකයින්ගේ තොරතුරු සම්ප්‍රධායානුකූලව ලිඛිතව ගබඩා කර තිබුනු අතර කාලය හා ශ්‍රමය ඉතිරිකර වඩාත් ශක්තිමත් ව්‍යවසායක ජාලයක් බිහිකිරීමේ අරමුණින් නවතම තාක්ෂණයට අනුගතවෙමින් මෙම ඩිජිටල් දත්ත ගබඩාව සැකසීමට තම අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මෙලෙස පියවර ගත්බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාව තුළ සිටින සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ගෙන් ලක්ෂ එකහමාරක පමණ පිරිසක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමග සෘජුව කටයුතු කරනු ලබයි.ව්‍යවසායකයින්ගේ තොරතුරු මෙලෙස ජාලගත කිරීම හරහා ඔවුන් අතර ව්‍යාපාරික තොරතුරු බෙදා ගැනීම ,තාක්ෂණික දැනුම හුවමාරුකර ගැනීම,වෙළඳාම ආශ්‍රිත කටයුතු ,බැංකු කටයුතු පහසු කරගැනීම ආදිය ඉතා කාර්යක්ෂමව කර ගැනීමට දේශීය ව්‍යවසායකයින්ට අවස්ථාව උදාවෙයි.

මෙම ඩිජිටල් දත්ත ගබඩාව සැකසීමට සමගාමීව ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ රාජකාරීකටයුතු කරනු ලබන සංවර්ධන නිළධාරීන් දෙසීය පනහක(250) පිරිසකට පරිඝණක ටැබ් යන්ත්‍ර ලබාදීමක්ද සිදුවන අතර මෙම ව්‍යවසායකත්ව තොරතුරු ජාලගත කිරීමේ ව්‍යපෘතිය සඳහාවැයවන රුපියල් මිලියන තිහක මුදලින් මෘදුකාංගය සඳහා වන පිරි වැය සිංගප්පූරු සමාගමක් විසින් දරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *