• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට උනත් යනවා – ජනපති අපේක්ෂක සජිත්

18 October 2019
in දේශීය

රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස්, ඉස්, මස්, ලේ, දන් දුන්න රණවිරුව්න්ව පාවා නොදෙන්නා සේම ජාත්‍යන්තරයට අවශ්‍ය නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට යන්න ලැහැස්ති බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හා වාරියපොළ දී ජනහමුවවලදීය.  

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ අද ජනාධිපතිවරණ පොරපිටියේ ප්‍රධාන වශයෙන් අපේක්ෂකවරු දෙපළක් ඉන්නවා. දැන් එක්කෙනෙක් වෙළෙද දැන්විම් දාගෙන යනවා, එයා හයියයි ශක්තියයි කියලා පෙන්නන්න. වෙළෙද දැන්විම්වලින් හයියවත් ශක්තියවත් පෙන්නන්න බැහැ. හයිය ප්‍රායෝගිකව පෙන්නන්න ඕනේ. මේ රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස් ඉස් මස් ලේ දන් දුන්න මේ රණවිරුවන්ව අපි පාවලා දෙන්නේ නැහැ. මේ රණවිරුවන්ව අපි විදුලි පුටුවට යවන්නේ නැහැ. ජාත්‍යන්තරයට අවශ්‍ය නම් මේ සජිත් ප්‍රේමදාස එතනට යන්න ලැහැස්තියි. වගකිම බාරගන්න බය වෙලා. ඒක නායකත්වයක ලක්ෂණ නොවෙයි. මේ රටට අවශ්‍ය යකඩ නායකත්වයක්… අයෝමය නායකත්වයක්. ඒ යකඩ නායකත්වය, ඒ අයෝමය නායකත්වය සජිත් ප්‍රේමදාස දෙන්න ලැහැස්තියි. ධාරානිපාත වර්ෂාව මැද්දේ මේ රැදී සිටින්නේ රට රැක්ක රට ආරක්ෂා කළ මුතුන් මිත්තන්ගෙන් පැවත එන පිරිසක්. ඒ පිරිස කිසි දවසක රට පාවා දෙන්නේ නැහැ. විදේශ නියෝජිත කණ්ඩායමක් පසුගිය දවසක මගෙන් ඇහුවා, අපේ රටේ ඉදිරි ගමන කොහොමද ගෙන යන්නේ කියලා. මම පිළිතුරු දුන්නේ අපේකම ගමේකම සංස්කෘතිය සභ්‍යත්වය රැකගෙන රටක් ලෙස තේජවන්තව කේසර ලීලාවෙන් අපේ මාතෘභුමිය සංවර්ධනය කරන්න ඇප කැප වෙන්න ලැහැස්තියි කියලායි. ජනතාව ලබා දෙන දැවැන්ත ශක්තිය තුලින් රටේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දෙන කොට නව අදහස් තුලින් නව නිර්මාණ තුළින් නවෝත්පාදනය තුලින් ඩිජිටල් තාක්ෂණ්‍ය තුලින් තරුණ පරපුරට ශක්තිය දිලා නව පරපුර ඉදිරියට අරගෙන නව මුහුණවරකින් නව කණ්ඩායමක් හරහා පොදු ජනතාවගේ දෙපතුලට සෞභග්‍ය උදා කරනවා” යැයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 14
Previous Post

පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය අතර එකගතාවයක්

Next Post

සජිත් මෙරට හත්වන ජනපතිවරයා වනවාමයි – රන්ජන් කියයි

editor

editor

Next Post

සජිත් මෙරට හත්වන ජනපතිවරයා වනවාමයි - රන්ජන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved