• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රතන හිමිගේ උපවාසයට – මල්වතු – අස්ගිරි පාර්ශවයෙන් දැඩි විරෝධයක්

5 June 2019
in දේශීය

මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට විවිධ පාර්ශව වලින් මේවන විට විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් ලෝක බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රය තුළ උපවාසය සිදුකරන අතරතුර ඇතැම් පිරිස් කෑකෝ ගසමින්, පරුෂ වචන කියමින් වෛරී ප්‍රකාශ සිදු කරමින් හැසිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ මෙන්ම ජනතාවගේද දැඩි විවේචනයට ලක්ව ඇත.

මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් පවා කිසිදු දැනුවත් භාවයකින් තොරව සිදු කළ මෙම මාරාන්තික උපවාසයට දැඩි විරෝධයක් පළ කර ඇති බව වාර්තා වේ.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය රතන හිමියන් දළදා මාලිගාව වැද පුදා ගෙන හදිසියේම මල්වතු – අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක උපවාසයක් සිදු කරන බවට පවසා සිටිය ද, එය කුමන ස්ථානයක කෙසේ සිදු කරනවාද යන්න මහනායක හිමිවරුන්ව දැනුවත් කර නොමැති බව වාර්තා වේ. එනමුත් රතන හිමි දළදා මාලිගා මහ මළුවේදී බිම ඇතිරිල්ලක් යොදා ගෙන උපවාසය ආරම්භ කර ඇති බවත් මල්වතු – අස්ගිරි පාර්ශවයෙන් චෝදනා කර ඇතැයි වාර්තා වේ.

රතන හිමි උපවාසය කල ස්ථානය දැඩිලෙස අපිරිසුදු වීමක් සිදුව ඇතැයි ද එම උපවාසය සිදු කළ ස්ථානය ආසන්නයේම ජංගම වැසිකිලි පවා ගෙනවිත් තිබූ බවද මීට පෙර කිසිදු අවස්ථාවක දළදා මාලිගා පරිශ්‍රය තුළ මේ ආකාරයේ සිදුවීමක් ඇති නොවූ බවද දළදා මාලිගාවේ තේවා කටයුතු සිදුකරන්නන් විසින් මල්වතු – අස්ගිරි පාර්ශවයන්ට දැනුවත් කර තිබේ.

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් බදු දළදා මාලිගාව මහ මළුවේ තුළදී වෛරීසහගත ප්‍රකාශ සිදු කිරීම, සියදිවි නසාගැනීමට උත්සාහ දැරීම ආදී කටයුතු සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එය බුද්ධ දර්ශනයට පවා පටහැනි ක්‍රියාවක් බවත් රතන හිමියන්ගේ උපවාසය සහමුලින්ම දේශපාලනික උවමනාවත් වෙනුවෙන් කරන ලද කටයුත්තක් යැයිද මල්වතු – අස්ගිරි පාර්ශවයේ මතය වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද මහ නාහිමිවරුරන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Post Views: 16
Previous Post

නෝර්වියානු සැලසුම් පරද්දන්න – විමල්, ජනපතිගෙන් ඉල්ලයි

Next Post

අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැලැක්වීම සාකච්ඡාවක්

editor

editor

Next Post

අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැලැක්වීම සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved