• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

11 December 2018
in දේශීය

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු 4 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ ආයතන සමඟ කොන්ත්‍රාත් වලට එළඹ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මන්ත්‍රී ධුර දැරීමට නුසුදුසු කමක් සේ අර්ථකථනය කර ඇති බවයි.

වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා ලේක්හවුස් සමුහ ව්‍යාපාරය කොටස්කරුවකු බවට තමන්ට තොරතුරු දැනගැනීමට ලැබී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාරිය එම සමූහ ව්‍යාපාරය යටතේ පවතින lake house printers and publishers පුද්ගලික සමාගම මගින් ලංකා බැංකුව සහ මහජන බැංකුවේ චෙක්පත් මුද්‍රණය කිරීමත් සිදු කරන බවද සඳහන් කර සිටියේය.

එබැවින් ලේක්හවුස් සමූහ ව්‍යාපාරය කොටස් කරුවකු වශයෙන් කටයුතු කරමින් ලංකා බැංකුව සහ මහජන බැංකුව සමඟ කොන්ත්‍රාත් වලට එළඹ ව්‍යාපාරික ගනුදෙනු සිදුකිරීම තුළින් වික්‍රමසිංහ මහතාට එම මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු කමක් උද්ගතව ඇතැයි පෙන්වා දෙයි.

ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට අනුව එම තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට නුසුදුසු කමක් යැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය මෙයාකාරයෙන් ව්‍යාපාරික කටයුතු වල නිරත වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මන්ත්‍රී ධුරය ද පසුගිය කාලයේ අහොසි කළ බව පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන අතර වාරයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වීම තුලින් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවට ප්‍රකාශයක් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරිය ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන්ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීමේ අතුරු ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාරිය වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

 

Post Views: 12
Previous Post

පාර්ලිමේන්තුවට යායුත්තේ බුද්ධිමතුන්ය -ජනතාව

Next Post

අද අපි එන්නේ නෑ – සන්ධාන මන්ත්‍රීවරු කියයි

editor

editor

Next Post

අද අපි එන්නේ නෑ - සන්ධාන මන්ත්‍රීවරු කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved