27 April 2024
#දේශීය

අද අපි එන්නේ නෑ – සන්ධාන මන්ත්‍රීවරු කියයි

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙන බව එස්. බී.දිසානායක මහතා පවසයි.

ඊයේ (11) ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තීරණය ගත් බව ඔහු කියා සිටියේය.

ඒ අනුව පසුගිය සභාවාර කිහිපයේදී මෙන්ම අදත් ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කරනු ඇත. එසේම පක්ෂ නායක රැස්වීමටද එක් නොවිමට ඔවුන් තීරණය කර තිබේ.

අද පාර්ලිමේන්තුවේදී එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *