• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල්ව රැක්කේ කිසිදෙයක් ලැබුණේ නැති යූන්පීකාරයින් – මරික්කාර් කියයි

25 November 2018
in දේශීය

පසුගිය අවුරුදු 03 හමාරක කාලය තුළ එක්සත් ජාතික පාක්ෂිකයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවූ බවත්,මෙවර ආණ්ඩු බලය ලබා ගත් පසු එය තවදුරටත් එය නොවන්නේ නම් ආණ්ඩුවේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, රුපියල් මිලියන 16 ක ප්‍රතිපාදනයෙන් කොළොන්නාව ආසනයේ සංවර්ධනය කර ඇති මාර්ග 14 ක් ජනතා අයිතියට පත් කිරීමට පෙර පැවැති සමාරම්භක උත්සවයට වැල්ලම්පිටියේ දී එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ මේ පාර අපි ආණ්ඩුව ගත්තාම අපේ පක්ෂයේ ඉන්න ටයිකෝට් කාරයින්ට ආණ්ඩුව ගෙනියන්න දෙන්නේ නෑ. අපි අවුරුදු 03 හමාරක් පරිප්පුව කෑවා. දැන් මේ අපි දුක් විදලා, බෙදිලා වෙන්වෙලා ගිය සියළු දෙනා එකතු වෙලා ඉන්නේ.ටයි කෝට් කරයන්ට බලය අරන් දීලා හොරකම් කරන්න නෙමෙයි. අපේ යූන්පී කාරයින්ට ප්‍රතිලාභ ලබා දෙන්න. ඒක කරන්න බැයිනම් අපි ආණ්ඩුවේ ඉන්නේ නෑ. මොකද හැමදාම කැප කිරීම් කරන්න බෑනේ. අපේ ආණ්ඩුව තියෙන කාලේ මේ රටේ සංස්ථා, දෙපාර්තමේන්තු වලට සභාපතිලා , අධ්‍යක්ෂකලා 1600 ක් විතර පත් කලා. වැඩිපුරම පත් කලේ ඉංග්‍රිසි කතා කරන ටයි කෝට් කාරයන්ව. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකම නැති වෙච්ච දවසේ ඉදලා මේ මොහොත වෙනකම් ඔය 1600 න් 10 ක් වත් ආවේ නෑ.ප්ලෙන්ටියක් හම්බවුනේ නැති යූන්පී කාරයෝ තමයි පක්ෂයයි , පාක්ෂිකයයි අරලියගහ මන්දිරය ආරක්ෂා කලේ. දැන්වත් යථාර්තය තේරුම් අරගෙන හැම ආසනයකටම ප්‍රතිලාභ සමානව බෙදලා දෙන්න. ඇමතිලා ඒ අයගේ ආසනේ 300 ක් 400 ක් රස්සාවලට දානවා.මන්ත්‍රී වෙච්ච අපි 2 යි 3 යි මන්ත්‍රීකම නැති ආසන සංවිධායකට මුකුත් නෑ. උන්ට පහුගිය අවුරුදු 03 හමාරේ අරලියගහ මන්දිරයේ‍ පස් පාගන්න දුන්නේ නෑ. ඒ නිසා මේ පාර ආණ්ඩු ගත්තාට පස්සේ අපි කටවහගෙන ඉන්නේ නෑ. ගරු කරන්න ඕනේ , විනයක් තියෙන්න ඕනේ. එහෙමයි කියලා කටවහගෙන හිටියොත් අහිංසක පාක්ෂිකයාට අවුරුදු 23 ක් තැලිච්ච පොඩි වෙච්ච පාක්ෂිකයාට තමයි පාඩු වෙන්නේ. ඒ නිසා මෙතනින් පස්සේ අපි ඉන්න ඇතුලේ ගේමෙන් , ඩීල් දාන්න දෙන්නේත් නෑ ඒවාට විරුද්ධව අපි එළියට එනවා කියලාත් පැහැදිලිව කියන්න ඕනේ. යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

Post Views: 14
Previous Post

රස්තියාදුකාර දේශපාලනයට ඉඩ දෙන්නේ නෑ – මනුෂ නානායක්කාර කියයි

Next Post

රුවත්තියන්ට කිරුළ පලදින්නට මිලියන ගණනක් වියදම් කළ පැජන්ට් කිංග්

editor

editor

Next Post

රුවත්තියන්ට කිරුළ පලදින්නට මිලියන ගණනක් වියදම් කළ පැජන්ට් කිංග්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved