• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රස්තියාදුකාර දේශපාලනයට ඉඩ දෙන්නේ නෑ – මනුෂ නානායක්කාර කියයි

24 November 2018
in දේශීය

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සදහා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පුළුල් සන්ධානයකින් තරග කරන විට එයට එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් සූදානමින් සිටින බවත් රස්තියාදුකාර දේශපාලනයට රට තුළ ඉඩක් ලබා නොදෙන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඇමැතිධූරයෙන් ඉවත්වීමෙන් පසුව පළමු වරට එක්සත් ජාතික පක්ෂයේ රැළියකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතාගේ නිවසේ පැවැති රැස්වීමක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා “අගමැතිවරයෙක් ඉවත් කරන්න නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන, එහෙම නැතිව අගමැතිවරයා ඉවත් කරන්න බෑ කියලා සුසිල් ප්‍රේමජයන්තයි, ජී.එල්. පීරිස් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියනවා. අපිත් කියන්නේ ඒඅකම තමයි. අගමැතිවරයෙක් ඉවත් කරන්න නම් විශ්වාසංභග යෝජනාවක් ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න ගෙනාපු විශ්වාසභංග යෝජනාව කෝ? ඔහු ඉවත් කළේ කොහොමද? වැරදි ක්‍රමයට, නීති විරෝධිව කරපු මේ ක්‍රමයට විරුද්ධව තමයි අපි නැගී සිටියේ. මේ වෙලාවේ අපි කණ්ඩායමක් එකතුවෙලා සාකච්ඡා කළා. මේකට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළා. අවසානයේදී අපිට නොයෙක් බලපෑම් එල්ලවුනා. සමහර මැර මන්ත්‍රීවරු ගෙදරට ඇවිත් ඇමැතිකමක දිවුරුම් දෙන්න එක්කගෙන යන්න හැදුවා. ඒ වෙලාවේ තමයි වජිර අබේවර්ධන ඇමැතිතුමා කතා කරලා අමතර ආරක්ෂාවක් ඕනද කියලා ඇහුවේ. ගයන්ත ඇමැතිතුමා දැන් අපේ පැත්තට එනවා නේද කියලා ඇහුවා. වජිර ඇමැතිතුමා මාව වාහනයේ දාගෙන කාටත් හොරාට ගිහින් රනිල් වික්‍රමසිංහ හමුවීමට ගියා. අවශ්‍ය වේලාවට තීන්දු තීරණ ගන්න පොරොන්දු වුනා. මේ වෙලාවේ මම තනියම එන්නද කියලා ඇහුවම කණ්ඩායමත් එක්ක එන්න කියලා කිව්වා. කණ්ඩායමත් එක්ක එන්න හදනකොට කණ්ඩායම පොඩ්ඩක් පස්ස ගැහුවා. ඒ පස්සේ තීරණයක් අරගෙන එන්නයි

ඒත් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ සමහරු සල්ලිවලට ආණ්ඩුවට යන්න අරගෙන තිබුණේ. තවත් එක්කෙනෙක් හරි සල්ලිවලට ගියොත් කියලා හිතපු නිසා මම අවධානම අරගත්තා. මුස්ලිම් කොංග්‍රසයේ අය, රිෂාඩ් බදියුදීන්ලා ඇමැතිධූරවල දිවුරුම් දෙන්න සූදානමක් තියෙනවා කියලා කිව්වා. මේ වෙලාවේ තනියම හරි එන්න කියලා මට කිව්වා. මම බිල්ලට එන්නම්, දුවන කෝච්චියට බෙල්ල තියලා නවත්තන්නම් කියලා මම තනියම තීන්ව ගත්තා. ඒ තීන්දුව ගත්තේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි.

එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මම හැදුන තැන. මගේ තාත්තා මාව හදපු තැන. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මගේ තාත්තා ජීවිතය පූජා කරලා ආරක්ෂා කරපු පක්ෂය. රකින්න ඕන වෙලාවට එන්නේ නැතිනම් වැඩක් නෑ. මම පක්ෂය රකින්න ඕන වෙලාවට, පක්ෂය අමාරුවේ වැටෙන වෙලාවේ පක්ෂය ආරක්ෂා කරන්න මම තීරණයක් ගත්තා.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් තීරණයක් ගන්න හදන්නේ. කොළඹ නව නගරශාලාවට එක්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකයින් එකතු වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගන විට එයට එක්වී තරග කිරීමට මේ කණ්ඩායම් සාකච්ඡා කරනවා. තව මන්ත්‍රීවරු, සංවිධායකවරු, පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එකතුවෙනවා. අපි සියලුම වාද භේධ අමතක කරලා, ශක්තිමත් එක ගමනක් ඉදිරියට යමු “ යැයි මනුෂ නානායක්කාර මහතා පැවසිය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 12
Previous Post

අරගලය අවසන් වෙන්නේ අගමැතිකමෙන්ම නෙමෙයි – වජිර අබේවර්ධන කියයි

Next Post

රනිල්ව රැක්කේ කිසිදෙයක් ලැබුණේ නැති යූන්පීකාරයින් – මරික්කාර් කියයි

editor

editor

Next Post

රනිල්ව රැක්කේ කිසිදෙයක් ලැබුණේ නැති යූන්පීකාරයින් - මරික්කාර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved