• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය අංශයේ වාර්ෂික වාර්තා හා ගිණුම් පිළිබද තරගාවලිය

9 April 2019
in ව්‍යාපාර

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය අංශය වන රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි ආයතනය රාජ්‍ය අංශ ගිණුම් හා වාර්තා අතරින් වඩාත් ගුණාත්මක ඉදිරිපත් කිරිම් තෝරා ගැනීම් සදහා 3 වන වරටත් තරගාවලියක් පැවැත්විමට කටයුතු සැලසුම් කර ඇත. ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2017 වර්ෂයේ ගිණුම් හා වාර්තා ඉදිරිපත් කිරිමට මේ වන විටත් අයදුම්පත් කැදවනු ඇති බවයි.

මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය අංශයේ මූල්‍ය වාර්තාකරණය වඩාත් විනිවිධභාවයකින් හා වගකීමකින් යුතුව ඉටුකිරිම සාක්‍ෂාත් කිරිම හා ඒ තුලින් රටතුල යහපාලනයක් ඇති කිරිමට අදාල අංශ දිරි ගැන්වීම හා එ්වාට මග පෙන්වීමය. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු පළාත් සභා, විශ්ව විද්‍යාල, මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශිය සභා, විදේශ ආධාර ව්‍යාපෘති හා වානිජ නොවන ව්‍යවස්ථාපිත මණ්ඩල හා අරමුදල් යනාදි වශයෙන් අංශ 9ක් යටතේ රාජ්‍ය අංශය මෙහිදි වරගීකරණයකට ලක් කර ඇත.

මෙම තරගාවලිය සදහා අයදුම්පත් භාර ගැනීම 2019 අප්‍රේල් මස 30 දක්වා දීර්ඝ කර ඇති අතර 2017 වාර්ෂික වාර්තා මුල්‍ය ප‍්‍රකාශන කාර්ය සාධන වාර්තා හා විගණන වාර්තාද එ් සමගම ඉදිරිපත් කල යුතුය.

එක් එක් අංශ තුලින් තෝරා ගන්නා වාර්ෂික වාර්තා හා ගිණුමි සදහා ප‍්‍රමුඛස්ථානය, දෙවන හා තුන්වන ස්ථාන වශයෙන් මෙන්ම සමස්ථ තරගාවලියේ හොදම වාර්තාකරණය සදහාද සහතික හා ප‍්‍රදානයන් පිරිනැමීමට සැලසුමි කොට ඇත.

තෝරා ගැනීමෙි නිර්ණායක ක්ෂේත‍්‍ර තුනක් යටතේ පුලුල් වශයෙන් සමිපාදනය කර ඇති අතර නීති රෙගුලාසි හා ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන්ට මෙන්ම ප‍්‍රමිති හා මනා පරිචයන්ටද අනුතූල වෙමින් මූල්‍ය ප‍්‍රකාශ හා වාර්තා පිළියෙල කර ඇද්ද යන්න ඒ මගින් ඇගයීමකට ලක් කෙරේ.

සෑම වාර්තාවක්ම පරීක්ෂාවකට ලක්කොට මූලික තෝරා ගැනිමකින් පසුව සුදුසුකම් ලත් හා රාජ්‍ය අංශයේ පලපුරුද්දක් ලබා ඇති වෘත්තීය ගණකාධිකාරීන් හා විගණකයන් ලවා පූර්ව නිශ්චිත ක්‍රමවේදයකට අනුව සංකීර්ණ ඇගයීමකට ලක් කොට ලැබෙන ලකුණු පදනම මත පෙළගැස්වීම සිදු කරයි.

මෙම වර්ෂයේ විශේෂිත කරුණක් වන්නේ රාජ්‍ය මූල්‍ය වාර්තාකරණයේ දක්නට ඇති අඩුපඩු විමසීමකට ලක් කරමින් සංකීර්ණ මග පෙන්වීමක්ද ස්වෙචිචාවෙන්ම ආයතන වෙත යවා තිබීමය.
කලමණාකාරිව අවශ්‍යතාවයක් වශයෙන් වාර්තාකරණය හැඩ ගැස්වීම එහි තවත් අරමුණක් වී ඇත.

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය අංශය වන රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීන්ගේ සංගමයේ දැක්ම වන්නේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය වඩාත් යහපත් ලෙස මෙහෙයවීමට අවශ්‍ය නායකත්වය සැපයීමහා ඒ මගින් රටෙි සංවර්ධනයට මහගූ දායකත්වයක් ලබා දීමය.

මෙහි වැඩිදුර විස්තර පහත සඳහන් ලිපිනයෙන් හා දුරකතන මඟින් දැන ගත හැකිය

The Institute of Chartered Accountants of Sri Lanka
30A, Malalasekera Mawatha, Colombo 07, Sri Lanka.

Tp- 11 2352000

Web: www.casrilanka.com

 

Post Views: 20
Previous Post

ගෘහස්ථ විදුලි බිල වැඩි කරන්නේ නෑ – විදුලි ඇමැති කියයි

Next Post

පොලිසියට ඉහළ පිළිගැනීමක් ඇති කරනවා … ජනපති !

editor

editor

Next Post

පොලිසියට ඉහළ පිළිගැනීමක් ඇති කරනවා ... ජනපති !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved