• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ආයතනවල බුලත්විට, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණිම තහනම්

13 March 2019
in දේශීය

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුල බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නි‍ෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සදහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත.

ලොව පුරාම පවතින රෝග අතරින් පිළිකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාව තුල ද පසුගිය වසර කිහිපය තුල පිළිකා වැළදුන රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබේ. 1985 වසරේ දී නව පිළිකා රෝගීන් වාර්තා වීමේ දල අනුපාතය ජනගහනයෙන් ලක්ෂයකට 31.6 ක් වූ අතර, 2011 වනවිට එම අනුපාතය 83.7 ක් දක්වා වැඩි වී ඇත. පුරුෂ පක්ෂයට වැඩි වශයෙන් මුඛ පිළිකාව වැළදෙන අතර, සාමාන්‍යයෙන් වසරකට නව මුඛ පිළිකා රෝගීන් 2500 ක් වාර්තා වෙයි. බුලත්විට සැපීම ශ්‍රී ලාංකික ජනතාව අතර සමාජීය හා සංස්කෘතික වශයෙන් පිළිගත් පුරුද්දක් වුවද එය මුඛ පිළිකා වැළදීම සදහා බලපාන ප්‍රධාන අවධානම් සාධකය ලෙස තහවුරු කර ඇත. 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු කළ බෝනොවන රෝග වලට අදාල අවධානම් සහගත පිළිබද සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18-65 ත් අතර වැඩිහිටි පිරිමි අතරින් සියයට 26 ක් සහ කාන්තාවන් අතරින් සියයට 5 ක් දුම්රහිත දුම්කොළ භාවිතා කරන බවට තහවුරු විය.

මුඛ පිළිකා වැළදීම කිසියම් පුද්ගලයෙකුගේ පෞරුෂය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කිරීමට ද හැකියාවක් ඇත. බුලත්විට සපා කෙළ ගැසීම පරිසරය අප්‍රසන්න වීමට ද හේතුවක් වෙයි.
2016.09.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව දුම් රහිත දුම්කොළ අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව පුරා දැනටමත් තහනම් කර ඇත. බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රීත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කරමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරිම මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ඒ සදහා අවශ්‍ය පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම පහසු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

Post Views: 33
Previous Post

ජනපති බලන්නේම ආණ්ඩුව පෙරළන්න.. මම ඡන්දේ දෙන්නේ නෑ … සරත් ෆොන්සේකා කියයි

Next Post

ලංගමට සැප බස් පමණයි – ඇමැති අර්ජුන කියයි

editor

editor

Next Post

ලංගමට සැප බස් පමණයි - ඇමැති අර්ජුන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved