27 April 2024
#දේශීය

ජනපති බලන්නේම ආණ්ඩුව පෙරළන්න.. මම ඡන්දේ දෙන්නේ නෑ … සරත් ෆොන්සේකා කියයි

වත්මන් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසින් සිදු කරනු ලබන රටට යහපත් දේ සඳහා සහාය දක්වෙන්නේ නැති බවත් ඔහු ආණ්ඩුව කකුලෙන් ඇඳීමක් සිදු කරන බව ෆිල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා බලන්නේම ආණ්ඩුව පෙරළන්න බවයි.

ජනාධීපතිවරයා ඔහුගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම තුළීන් ආණ්ඩුව විසින් ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙල අඩාල වු බවත් එය මේ වන විට යථාතත්ත්වය මත සිදු කරන බව හෙතෙම පැවසිය. එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කරමින් තිබු ගම්පෙරළිය වැඩසටහන පවා දේශපාලන අර්බුදයත් සමඟ පසුගිය වසරේදී නතර වු නමුත් මේ වසරේදී එය යළි ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබිණි.

ජනාධිපතිවරයා දරුවන්ට ටැබ් යන්ත්‍ර ලබා දීම පවා දැක්කේ අසුභ දෙයක් ලෙසයි. නමුත් මේ වන විට වත්මන් ආණ්ඩුව විසින් එම ටැබ් යන්ත්‍ර ලබා දීම් කටයුතු සිදු කරන බව ෆොන්සේකා මන්ත්‍රීවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ආණ්ඩුව ශක්තිමත් කිරීමට දායක නොවන බවත් ජනාධිපතිවරයාගේ වැය ශිර්ශය සඳහා තමාගේ ඡන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *