• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 56 වන ඔසුසල වැල්ලවත්ත නගරයේ විවෘත කෙරේ

22 May 2024
in දේශීය, පුවත්, ව්‍යාපාර
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 56 වන ඔසුසල වැල්ලවත්ත නගරයේ විවෘත කෙරේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැල්ලවත්ත රාජ්‍ය ඔසුසල ශාඛාව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (21) පස්වරුවේ විවෘත කෙරිණ.

ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ජාලයේ 56 වන ඔසුසල ලෙස වැල්ලවත්ත නගරයේ ලංකා බැංකුවට යාබදව ස්ථාපිත කළ මෙම ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

1971 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ දීප ව්‍යාප්තව ඔසුසල් ජාලයක් පිහිටුවා ඇත.

ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව පළමු ඖෂධ මිළදී ගැනීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සිදුකළ අතර, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ රුව සහිත ඡායාරූපයකට උපහාර පිදීම ද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහආරච්චි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක යන මහත්වරු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලු ප්‍රදේශවාසි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 21,916
Previous Post

නුවරඑළිය ප්‍රදේශයෙන් ගව සරම්ප රෝගය පාලනයට අවශ්‍ය සියලුම පියවර ගත්තා – සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

Next Post

දකුණු කොරියානු දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපතිවරයා කථානායකවරයා හමුවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
දකුණු කොරියානු දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපතිවරයා කථානායකවරයා හමුවෙයි

දකුණු කොරියානු දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපතිවරයා කථානායකවරයා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved