• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජිතට එරෙහිව සිඅයිඩියට පැමිණිල්ලක්

13 December 2019
in දේශීය

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බවට අද (13) ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ, 2017 වසරේදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සම්බන්ධයෙනි.

මෙම බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ් සී අයි ඩි) වෙත ඉදිරිපත් කිරීම සඳහා ඒ මහතා එම කොට්ඨාසය වෙත පැමිණි අතර එහි නිලධාරින් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවත් එය සීඅයිඩියට ඉදිරිපත් කරන ලෙසත් දැන්වීය. ඉන්පසු අපරාධ පරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා තම පැමිණිල්ල එහි අධ්‍යක්‍ෂවරයා වෙත භාර දෙනු ලැබීය.

ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලේ මෙසේද සඳහන් කර තිබේ.

‘‘අවුරුදු 10ක කාලසීමාවක් යන තෙක් නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමක් සිදු කළ නොහැකි බව දැනදැනම කැබිනට් මණ්ඩලය නොමග යවමින් ද එය රජයට පවරා ගැනීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ මූල්‍ය අපරාධයක් සිදු කොට ඇති බවට සාක්ෂි සහිතව මා හට කරුණු ඉදිරිපත් කළ හැකිව තිබේ.

ඉහත කී කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඔහු විසින් පෞද්ගලික රෝහලක් වන නෙවිල් ප‍්‍රනාන්දු රෝහල වෙනුවෙන් වැය කොට ඇති රජයේ මුදල් හා සම්පත් ප‍්‍රමාණය අතිමහත් ය. එම පෞද්ගලික රෝහලට රජයේ හෙදියන් හා වෙනත් රෝහල් කාර්ය මණ්ඩල යොදවා ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා ඇති අතර ඒ සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 27කට ආසන්න ය. මාසිකව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ පරිපාලන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 200ක් ද ඹෟෂධ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් ද වැය කොට ඇත. ඒ අනුව වසරකට රුපියල් මිලියන 3000ක රාජ්‍ය මුදල් අවභාවිතාවක් මෙම තැනැත්තා විසින් සිදුකොට ඇත. අප විසින් ලිඛිත හා වාචික සාක්ෂි සහිතව ඉදිරිපත් කරන මෙම බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව කඩිනමින් පරික්‍ෂණයක් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.’’ යැයි අදාළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Post Views: 23
Previous Post

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ජන අගමැති බොරිස්ගේ පාලක පක්ෂයට හිමිවෙයි

Next Post

ජනපතිට ජපානයේ සංචාරයකට ආරාධනා

editor

editor

Next Post

ජනපතිට ජපානයේ සංචාරයකට ආරාධනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved