• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල කඩා වැටීම කියන්නේ ආර්ථියක කඩා වැටෙනවා නෙවෙයි – ඇමැති මංගල කියයි

9 October 2018
in දේශීය

2015 දී අපට භාර දුන්නේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක් බවත් භාර ගත් ආණ්ඩුව මේ වන විට සියලු අර්බුදයන්ට මුහුණ දෙමින් ශක්තිමත් වෙමින් පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

අද ආර්ථිකේ ගැන කතා කරන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා මුදල් ඇමැති කාලේ 2012 දී මාස තුනක් තුල රුපියල 14 කින් අවප්‍රමාණය වුණ බවත් එය වලක්වා ගන්න බිලියන 4.1ක් වියදම් කිරීම නිසා අපනයන අඩපණ වු බව ද සමරවීර මහතා හෙළි කළේය. මහින්ද රාජපක්ෂ මහතා 2000 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 33 % ක් වුණ අපනයනය 2014 වෙද්දි 14 % ට පලට දැමු බව හෙතෙම කියා සිටියේය.

මේ අර්බුදය වෙනුවෙන් වැයකරල තියෙන්නේ ඩොලර් මිලියන 250ක් විතරක් බවත් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ 10‍ % කින් විතර බවත් මේ අර්බුදයට හොඳින්ම මුහුණ දීල තියෙන රට පකිස්තානය, ඉන්දියාව වගේ රටවල් අපට වඩා අර්බුදවල ඉන්නේ බව හෙතෙම හෙළි කළේය.

රුපියල කඩාවැටීම කියන්නේ ආර්ථිකය කඩා වැටීම නෙවන බවත් අපි ගමන් කරමින් ඉන්නේ අපනයන ආර්ථිකයක් කරා මේ අර්බුදය හමුවේ ඉතාම පැහැදිලිව පේනවා අපි නිවැරැදි මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටින බව මේ සියලු දේ හමුවේ අපි සංවර්ධන අඩු කරලා නෑ අධිවේගී මාර්ගවල කටයුතු කෙරෙනවා බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය අවසන් අදියරට ළගා වෙලා තියෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” ඉතිහාසයේ වැඩිම මුදලක් අපි ගම සංවර්ධනය වෙනුවෙන් වෙන් කරල තියෙනවා. මේ මොහොත වන විට ගම්පෙරළිය යටතේ ව්‍යාපෘති 33,875 ක් ක්‍රියාත්මකයි. සෑම ගමකම කුමන හෝ සංවර්ධන කටයුත්තක් දෙකක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. නොවැම්බර් මාසය දක්වා වන මාස 4ට පමණක් රුපියල් බිලියන 20ක් ඒ වෙනුවෙන් වෙන් කරල තියෙනවා. 2019 අයවැයෙන් ගම්පෙරළියේ ඊළග පෙරළිය පටන් ගන්නවා.

ගමේ ව්‍යාපාරිකයන්ට නැගීහිටින්නට ශක්තිය දෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ වන විට අලුත් ම ව්‍යවසායකන් 26,978කට මේ ණය පහසුකම් ලබා දීල ඉවරයි. රුපියල් බිලියන 5.4ක මුදලක් ලබා දීල තියෙනවා ඔවුන් වෙනුවෙන්. මේ සියල්ල හමුවේ මේ වසර අවසන් වෙද්දි 4% ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන්නට හැකි වෙයි කියල අපේක්ෂා කරනවා.

ආර්ථික අර්බුදය හමුවේ අපි යම් යම් සීමා පනවා ගත්තා. මම දැක්ක තැනක තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොම මේ වනකොට වාහන ගෙන්නල ඉවරයි කියල. ඒක වෙන්න පුළුවන්. අපි මේ සීමාව පනව ගත්තේ නැත්තං මේ ගැන මාධ්‍ය වාර්තා කරන්නේ කොහොම ද? පසුගිය දා උතුරු පළාත් මහ ඇමැතිතුමාට වාහනයක් ආනයනය කරන්න කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් වෙලා තිබුණා. ඒකට අනුමැතිය ලැබුණේ නෑ.

සමහරු කියනවා ජනතාව බදු බරින් මිරිකලා කියල. අපි තමයි ජනතාවගේ බදු බර අඩු කළේ. අපි තමයි මාසේකට රුපියල් ලක්ෂයක්, එහෙමත් නැත්තං වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක ආදායමක් දක්වා ආදායම් ලබා ගන්න අය ආදායම් බද්දෙන් නිදහස් කෙරුවේ. නව දේශීය ආදායම් පනත යටතේ අපි උත්සාහ කරන්නෙ 18% – 82% අතර තියෙන වක්‍ර සහ ඍජු බදු අනුපාතය වෙනස් කරන්නයි. දැන් තමයි අපේ රටේ ආදායම් බදු ගොනු සංඛ්‍යාව 100,000ක් බවට පත් වෙලා තියෙන්නේ ” යැයි අමාත්‍යවරයා පැවැසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේ ය.

Post Views: 3
Previous Post

ජවිපෙ 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න

Next Post

ලංකාවට මත් යුද්ධයක් එපා …. ! -ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය

editor

editor

Next Post

ලංකාවට මත් යුද්ධයක් එපා .... ! -ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved