• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රූකඩ ජනාධිපති අපේක්ෂකයින්ට රැවටෙන්නට එපා – පවිත්‍රා කියයි

24 July 2019
in දේශීය

සමාජයේ දැඩි කතාබහට ලක් වෙමින් හතු පිපෙන්නා සේ නැගී එන ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලින් බැහැර ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් නිසි අවබෝධයෙන් කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (24) කොළඹ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

බටහිර බලවේග එන්.ජී. ඕ නඩ සහ දෙමළ ඩයස්පෝරාව ඇතුළු ප‍්‍රධාන පෙළේ තානාපති කාර්යාල මගින් මොවුන් මෙහෙය වන බව දැනටමත් අනාවරණය වී ඇති බව ඇය කියා සිටියේය.

විවිධ දේශපාලන පක්ෂ වල රූකඩයන් ලෙස සමාජයේ හාස්‍යයට ලක්වෙන මෙම චරිත වල මූලික අරමුණ වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්රොක් වන ජයග්‍රාහි ඡන්ද බෙදීමකට ලක් කිරීම බවට ඇය චෝදනා කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදීමකට ලක් කිරීම සඳහා උත්සාහ ගන්නා සතුරු බලවේග මේ වන විටත් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බරපතළ අර්බුද රැසකට ගොදුරු වී තිබේ.
ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකි ව බරපතළ බෙදීමකට ලක් ව තිබෙන එක්සත් ජාතික පක්ෂයට ඉදිරි ජනාධිපතිවරණයේ දී අනිවාර්යෙන්ම පොදු අපේක්ෂකයෙකුගේ සරණ යාමට සිදුවන බව පෙනී යයි.

පවතින අර්බුදකාරී තත්වය තුළ ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ උපක‍්‍රමික ව පරාජය කිරීම සඳහා මෙවන් කාඩ්බෝඩ් රූකඩ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සතුරු බලවේග උත්සාහ කරමින් සිටින අතර ඒ පිළිබඳව දිවයින පුරා ඡන්ද දායකයින් දැනුවත් කිරීමට තීරණය කර ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 

Post Views: 6
Previous Post

වරාය නගරය කොළඹ දිස්ත‍්‍රික්කයේ කොටසක්

Next Post

අනුරාධපුරයේදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය උත්කර්ශවත් අන්දමින් ආරම්භ වේ

editor

editor

Next Post

අනුරාධපුරයේදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය උත්කර්ශවත් අන්දමින් ආරම්භ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved