• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රූපලාවන්‍යගාර සහ සැලූන් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් අනුමැතිය

5 May 2020
in දේශීය

රූපලාවන්‍යාගාර සහ සැලුන් මේ වන විට තාවකාලිකව වසා ඇතත් ඒවා  විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් දී තිබේ.

ඊයේ (04) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

ඒ COVID-19 හේතුවෙන් රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාලව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්‍රයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නිති පද්ධතිය ඇතුලත් මාර්ගෝපදේශණය සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු එ‍කතු කිරීමත් අරමුණු කොට ගෙනය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් උපදෙස් දෙමින් කියා සිටියේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාලව නීති සම්පාදනය වෙනත් කිසිදු ආයතනයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම පමණක් සිදු කරන බවයි. 
එමෙන්ම දෛනිකව සේවා සැපයීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දෙනු ලැබු කොණ්ඩා කැපීම ඇතුලු අත්‍යාවශ්‍යම සේවාවන් පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.  

නිසි ඉඩ ප්‍රමාණයන් තබාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කරමින් සේවා සැපයීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටින ලදි. 

එමෙන්ම ඉදිරියේ දී රුපලාවන්‍යාගාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අදාලව පිළිපැදිය යුතු උපදෙස් ඇතුලත් මාර්ගෝපදේශණයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කොට ඇති බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන බව ද දන්වන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය 

 “රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමග අද දින සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඔවුන්ගේ ඉල්ලීම වුයේ රූපලාවන්‍යාගාර ආරම්භ කිරිම සදහා රජයේ සහයෝගය ලබාදෙන ලෙසයි. 

එම සියළු ඉල්ලීම් පිළිබද අවධානය යොමු කොට රූපලාවන්‍යාගාර විවෘත කිරිමට අවස්ථාව ලබාදුන්නා. රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් සිදු කර ලෝකයේ මෙම රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් තිබුනත් ලංකාව තුල මේ රෝග තත්ත්වය පාලනය කර ගත හැකි තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් ද පෙන්වා දුන්නා. 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ ඉල්ලීමට අනුව මෙම අවසරය ලබාදුන්නත් මේ අවස්ථාවේ රට ගැන හිතලා ඉතා වගකීමකින් සේවා සපයන ලෙස අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය තබා ගනිමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සදහා ඔබ ආයතනයට පැමිණෙන පුද්ගලයින්ට අවස්ථාව සළසා දෙමින් එම සේවාවන් ලබාදීමට කටයුතු කරන්න.”

මෙම සාකච්ඡාවට එක් වූ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් පෙන්වා දෙන ලද්දේ COVID-19 හේතුවෙන් රූපලාවන්‍යාගාර වැසීමට රජය තීරණය කළ ද බොහෝ රූපලාවන්‍ය කටයුතු පෞද්ගලිකව සිදු කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.  

එය ඉතාම භයානක තත්ත්වයක් බව ද පෙන්වා දෙන ලදි. විශේෂයෙන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොණ්ඩා කැපීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා සිදු කරන බව ද පෙන්වා දෙන ලදි. 

දැනට A,B,C යන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වර්ගීකරණයට අනුව ක්ෂේත්‍රය තුලින් ලක්ෂ 02 කට පමණ ආසන්න පිරිසක් යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සිය සේවාවන් සැපයීමට කටයුතු කිරිමට තමන් කටයුතු කරන බවත්, ඔවුන්ගේ අදහස් ලබාගැනිම සදහා සාකච්ඡාවක් ලබාදීම පිළිබද සිය ස්තූතිය සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පුද කරන බවත්  පැවැසීය.

Post Views: 21
Previous Post

පාර්ලිමේන්තුව යළි කැඳවන්න.. මංගල ජනපතිට කියයි

Next Post

කොවිඩ් 19 වසංගතය – 9 වෙනි මරණයත් වාර්තා වෙයි

editor

editor

Next Post

කොවිඩ් 19 වසංගතය - 9 වෙනි මරණයත් වාර්තා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved