• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලයිට් කණු දේශපාලනය ඉවරයි – ඇමති ඩලස් මාතරදී කියයි

2 March 2021
in දේශීය

රටේ සෑම පුරවැසියෙකුටම විදුලිය, ජලය කියන මූලික අයිතිවාසිකම තවදුරටත් දේශපාලන පොරොන්දුවක් හෝ මුලාවක් නොවන බවත් ඒවා යතාර්ථයක් කිරීම ආණ්ඩුවක් හැටියට අපේ ප්‍රථිපත්තිය සහ වගකීමයි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වසර ගණනාවක් ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසදුමක් වශයෙන් මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ 4 වන අධියර වශයෙන් යටියන ජල ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මාතර සමස්ත ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් දෛනිකව පානීය ජලය ඝන මීටර් 60,000 ක් නිපදවීමට සැලසුම් කර ඇති අතර මේ යටතේ 2025 වනවිට මාතර, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාළිම්බල, කඹුරුපිටිය, කිරින්ද, පුහුල්වැල්ල, ්තුරලිය, බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ජීවත්වන 285,000 ක් පමණ පිරිසකට පානීය ජලය ලබාදීමට බලාපොරොත්තුවේ වේ.

මේ වනවිට ලෝක ජනගහනයෙන් බිලියන 2කට පානීය ජලය නොමැති බවත්, බිලියන 4 කට පනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් පවා ජලය නොලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මේ තත්ත්වය අතිශය භයානක බව පැවසීය. මෙම ජල ගැටළුව ශ්‍රී ලංකාව තුලද මේ වනවිට උග්‍රවී ඇති බැවින්, වසර 2025 වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 85% කට පානීය ජලය ලබාදීමට රජය විසින් මේ වනවිට සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා, ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් ගරු අගමැතිතුමන් විසින් මූල්‍ය ප්‍රථිපාදන වෙන්කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එතුමාට අපේ කෘතවේදීත්වය පිරිනැමිය යුතු බවත් පැවසීය. පාර්ලිමේන්තු කණ්ඩායමේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණක් ජ්‍යෙෂ්ඨත්වයෙන් සහ අත්දැකීමෙන් දෙවෙනිවන, පුද්ගලයෙක් නොව විශ්ව විද්‍යාලයක් වශයෙන් හැදින්විය හැකි, සොදුරු දේශපාලඥයෙක් වන වාසුදේව නානායක්කාර මැතිතුමා ජනතාවට පානීය ජලය ලබාදීමේ මෙම භාරධූර කරතව්‍යය වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන් එතුමාටද ජනතා කෘතවේදීත්වය පිරිනැමිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, දකුණු පළාත් හිටපු අමාත්‍ය බිංදු වීරසේකර යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රදේශයේ දෙශපානාධිකාරිත්, ජාතික ජල සම්පත් මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, විදේශීය කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රෙද්ශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

Post Views: 13
Previous Post

හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද වතු සේවක වැටුප රුපියල් 1000 සම්මතයි

Next Post

Skills ශ්‍රී ලංකා වැඩසටහන ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

editor

editor

Next Post

Skills ශ්‍රී ලංකා වැඩසටහන ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved