• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Skills ශ්‍රී ලංකා වැඩසටහන ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

3 March 2021
in දේශීය

හැකියාවෙන් පිරිපුන් පරපුරක් යන්න තේමා කර ගත් “Skills” ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණ.

ලෝක ආර්ථිකයට සහ වැඩ බිමට ගැළපෙන නිපුණතා සපිරි සුහුරු මානව සම්පතක් බිහි කිරීම අරමුණු කර ගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය වැඩසටහන ක්‍රියාවට නංවයි.

රැකියා වියුක්ත සමස්ත ජනගහණයෙන් 70%ක් නුපුහුණු ශ්‍රම කාණ්ඩයට අයත් වෙති. පුහුණුව මගින් ඔවුන් රැකියා ඉල්ලුමට සරිලන නිපුණතා සහිත කණ්ඩායමක් බවට පත්කළ යුතුය. “Skills” ශ්‍රී ලංකා වැඩසටහන පාසල් අධ්‍යාපනය හැර යන තරුණ කොටස් සහ රැකියා වියුක්ත හෝ නියුක්ත නිපුණතා රහිත ශ්‍රම බලකාය සඳහා පුළුල් යටිතල පහසුකම් ජාලයක් දීප ව්‍යාප්තව ස්ථාපනය කරයි. දිගු හා කෙටි කාලීන වශයෙන් අංශ 08ක් ඔස්සේ නිපුණතා සංවර්ධනය සිදු කෙරේ.

“Skills” ශ්‍රී ලංකා නිල ලාංඡනය එළිදැක්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

තෝරාගත් ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුවේ නිරත සිසුන්ට මාසිකව රුපියල් 4,000/-ක ශිෂ්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිවරයා විසින් ආරම්භ කරනු ලැබීය.

ජංගම වෘත්තීය පුහුණු ඒකක ලෙස නිර්මාණය කළ බස් රථ 05ක් අද සිට දිවයින පුරා ධාවනය කිරීම වැඩසටහනට සමගාමීව සිදු කෙරේ.

ජනාධිපතිවරයා මේ බස් රථ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපතිවරයා වෙත නිල වශයෙන් භාර දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය “Skills” ශ්‍රී ලංකා පුවත් පතෙහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය. වෘත්තීය පුහුණුව අපේක්ෂිත සිසුන්ට ආරක්ෂික ඇදුම් කට්ටල පිරිනැමීම අගමැතිතුමා අතින් සිදු කෙරිණ.

“Skills” ශ්‍රී ලංකා වැඩසටහනට පෞද්ගලික අංශයේ දායකත්වය සනිටුහන් කරමින් Piza Hut සහ Orange ආයතන අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි රාජ්‍ය ඇමතිණි සීතා අරඹේපොළ මහත්මිය වෙත භාර දුන්නේය.
මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

ලයිට් කණු දේශපාලනය ඉවරයි – ඇමති ඩලස් මාතරදී කියයි

Next Post

SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ

editor

editor

Next Post

SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved