• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට යළිත් සෞඛ්‍ය ඇමැතිට

30 May 2019
in දේශීය

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (29) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංවිධානයේ උප සභාපතිවරයෙකු ලෙස යළිත් වරක් තේරී පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ 2019-2020 වර්ෂ සදහා බවත් මීට පෙර 2017 වසරේ දී ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත්විය. සෞඛ්‍ය අමාත්‍යවරයා එම සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙකු ද වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සැසිවාරය පසුගිය 19 වන දා ආරම්භ වූ අතර, එම සැසිවාරය 28 වනදා අවසන් විය. 29 සහ 30 විධායක කමිටු සැසිවාරය පැවැත්වෙන අතර, එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

තාවකාලිකව අත්හිටු පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ලබා දෙයි

Next Post

සංචාරක ව්‍යාපාර නැංවීමට සැමට සහන ලබා දෙන බව අගමැති කියයි

editor

editor

Next Post

සංචාරක ව්‍යාපාර නැංවීමට සැමට සහන ලබා දෙන බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved