27 April 2024
#දේශීය

තාවකාලිකව අත්හිටු පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ලබා දෙයි

රටෙහි පැවති ආරක්ෂක වාතාවරණය මත ආරක්ෂක මණ්ඩලය මඟින් තාවකාලිකව අත් හිටුවන ලද පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ ව්‍යාපෘති සිදු කරනු ලබන රජයේ සහ පුද්ගලික ආයතනයන් වෙත අවශ්‍ය වන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ බලපත්‍රය මත, CEFAPආයතනය (රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිනිඅවි හා පතොරොම් මිලදී ගැනීමේ ඒකකය ) වෙතින් ලබා ගැනීමට උපදෙස් නිකුත් කර ඇති බවයි.

එසේම ගල් වලවල් හා කැණිම් කටයුතු සිදු කරන කර්මාන්ත සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බලපත්‍රලාභින්/අවසරපත්‍රලාභීන් හට එම බලපත්‍ර/ අවසර පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර අදාළ පුපුරණ ද්‍රව්‍ය මින් ඉදිරියට ලබා ගත හැකි බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *