• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වර්ඩ් සරසවියේ ගෝලීය සවිබලගැන්වීමේ සමුළුවට ඇමැති සුජිව යයි

11 April 2019
in දේශීය

ක්‍රේම්බිජ්, මැසචුසෙට්හි, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානය (CID) විසින් 11 වන වරට සංවිධානය කරනු ලබන, වාර්ෂික ගෝලීය සවිබලගැන්වීමේ සමුළුව (GEM 19) සදහා සිව්වැනි වරටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහභාගී විය.

ඒ සඳහා හාවර්ඩ් විශ්වවිද්‍යාලය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ඇරයුම් කරනු ලැබ ඇති අතර සමුළුව අප්‍රේල් මස 09 සහ 10 යන දිනවල පැවැත්වු බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසයි.

මෙම වැඩසටහන සඳහා ජාත්‍යන්තර ප්‍රතිපත්ති සම්පාදකයින්, ප්‍රධාන විධායක නිලධාරීන්, බහුපාර්ශ්වීය සංවිධානයන්හි ප්‍රධානීන් සහ සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර තිරසර සෞභාග්‍ය ළගා ගැනීම ඇරමුණු කරගනිමින් නවතම පර්යේෂණ සහ නව්‍ය අදහස් මෙහි දී සාකච්ඡාවට බඳුන් වේ.

මෙම ගෝලීය සවිබල ගැන්වීමේ සමුළුවේදී, (GEM 19) සංවර්ධනය වෙමින් පවත්නා රටවල් හමුවේ පවත්නා පහත සඳහන් කර ඇති ගැටළු සඳහා අවශ්‍ය තිරසර විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි. එම ගැටළු අතරට, වත්මන් සංවර්ධන මට්ටම අවබෝධ කරගැනීමට රාජ්‍ය අංශයේ ශාක්‍යතාවය අපට උපකාර වන්නේ කෙසේද? රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය, දේශපාලන අධිකාරීත්වය, ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සහ බලය යනාදියෙහි පරිණාමය සඳහා බලපාන සාධක කවරේද? රාජ්‍ය අංශයේ ශාක්‍යතාවය වර්ධනය කිරීම හමුවේ ඇති ප්‍රධාන අභියෝග කවරේද? දේශපාලන අධිකාරීත්වය විසින් පනවා ඇති සීමාවන් සහ දැනට පවතින රාජ්‍ය අංශයේ ශාක්‍යතාවයන්, විසින් සිදුකරන ප්‍රතිසංස්කරණයන් ආදිය ඇතුලත් වේ.

දේශපාලන විද්‍යාඥයෙකු හා ග්‍රන්ථ රාශියක කතුවරයෙකු වන මහචාර්ය ෆැන්සිස් ෆුකුයාමා සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහචාර්යවරයෙකු සහ ගෝලීය අර්බුද පිළිබඳ අධ්‍යනය සහ විසඳුම් ලබාදීම සඳහා වන පියර්සන් ආයතනයේ අධ්‍යක්ෂ, ජේම්ස් රොබින්සන් යන මහත්වරුන් මෙම සමුළුවේ ප්‍රධාන දේශකයින් ලෙස සහභාගී විය.

 

Post Views: 19
Previous Post

රට දාලා යන අසු දහසකට වරාය නගරයෙන් රැකියා දෙනවා – ඇමැති පාඨලි

Next Post

එජාපය කිව්ව දේවල් කරන පක්ෂයක් බව ඇමැති රවි කියයි

editor

editor

Next Post

එජාපය කිව්ව දේවල් කරන පක්ෂයක් බව ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved