දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා වු කොටස මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බවට මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අධීකාරිය කියා සිටියේ මෙහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 96ක් වන අතර එය අදියර 04ක් යටතේ ඉදිකර තිබෙන බවයි.
මෙහි පළමු කොටස ගොඩගම සිට බෙලිඅත්ත දක්වාත් දෙවන කොටස බෙලිඅත්ත සිට වැටිය දක්වාත් තුන්වන කොටස වැටිය සිට අන්දරවැව දක්වාත් සිව්වන කොටස හම්බන්තොට සිටි මත්තල දක්වාත් ඉදිකිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් බිලියන 242ක් වෙයි.
			
                                
                                
							











