• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයි – අමාත්‍ය පී. හැරිසන්

18 July 2019
in සංවර්ධන

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි සේවයේ නියතු ඉංජිනේරු නිලධාරීන්ගේ 45 වන වාර්ෂික හමුව වැල්ලවත්ත මිරාජ් හෝටලයේ පැවැති අවස්ථාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා” වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයි. එහෙම නැති වුණොත් අපිට මේ රාජකාරි කිරීමේදී විවිධ ප්‍රශ්න ගැටළුවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අද රටේ ඉතුරු වෙලා තියෙනවා නම් යමක්, ඉතුරු වෙලා තියෙන්නේ ඉතිහාසයත් එක්ක. දැන් අවුරුදු හත්සියකට, අටසීයකට ඉස්සරවෙලා යෝධ ඇළ නිර්මාණය කිරීම ගැන අදටත් විශේෂඥයෝ පුදුම වෙනවා. හැතැක්මකට අඟලේ බැස්ම කොහොමද හැදුවේ කියලා. මම ඊයේ පෙරේදා ආපු විදේශීය කණ්ඩායමකින් ඉල්ලුවා, යෝධ ඇළ ආයෙමත් සංරක්ෂණය කරලා දෙන්න කියලා. අඩුගාණේ අනාගතයේදී පාසල් දරුවෙකුට, රටේ ඉන්න කෙනකුට, නැත්නම් ලෝකෙ ඉන්න කෙනෙකුට මෙහෙට ආවම අපේ නටබුන් විදිහට නරඹන්න පොඩි සංරක්ෂණයක් කරලා දෙන්න කියලාඅපේ අභ්‍යන්තර ජලාශ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ ධීවර කර්මාන්තයට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. සමස්ත රටේ පවුල් ලක්ෂ තුනක් ජීවත් කරවීමට ඔබ කරන දායකත්වය ඉවහල් වෙලා තියෙනවා කියලා මම බොහොම ආඩම්බරයෙන් කියනවා. ඒ නිසා මේ රටේ වාරිමාර්ග කියන්නේ වැවක් හදනවා වතුර ටික දෙනවා කියන සංකල්පයට එහා ගිහින්, පරිසරය සමතුලිතතාවය ඇති කරන්න, ගංවතුර පාලනය කරන්න, ඒ වගේම එක පැත්තකින් ධීවර කර්මාන්තයට අනිත් පැත්තකින් අද රටේ ඇතිවෙලා තියෙන කාලගුණික විපර්යාසයත් එක්ක ඇතිවෙලා තියෙන තත්ත්වය නිසා විශේෂයෙන් පානීය ජලය අවශ්‍යතාවය පුරන්න එදා ඉංජිනේරුවන් ගත්ත උත්සාහයේ ප්‍රතිඵල. මෙවැනි අවදියක විශේෂයෙන්ම ඉංජිනේරුවරුන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කරපු සේවාව ඉතිහාස ගතවෙලා තියෙනවා. ඒක කාටවත් නැහැයි කියන්න බැහැ.ඔබගේ සේවය ඇගයීමට ලක් කිරීම අපේ යුතුකමක්.ඔබලා කරපු කැපකිරීම් වල ප්‍ර‍තිඵල හැටියට තමයි අද අපිට විදුලි බලය ලැබෙන්නේ.වාරිකර්මාන්තයෙන් ගොවීන් ලක්ෂ ගාණක් ජීවත් වෙන්නෙත්. ඒක නිසා මම හිතනවා ඔබ රට වෙනුවෙන් ලොකු සේවයක් කළා කියලා ” යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මෝහන් රාජ් මහතා ඇතුළු වාරි ඉංජිනේරුවන් රැසක් එක්ව සිටියහ.

 

 

 

Post Views: 14
Previous Post

25 වනදා චුදිතයන්ට සුදු හුණු ගෑමක් සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Next Post

රත්නපුර ගංවතුර අනතුරු ඇගවීම්…. දිස්ත්‍රික්ක කිහිපයක නාය යෑම් අවදානමක්

editor

editor

Next Post

රත්නපුර ගංවතුර අනතුරු ඇගවීම්.... දිස්ත්‍රික්ක කිහිපයක නාය යෑම් අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved