• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැරැද්දක් ඇත්නම් නීතිය හමුවට යන්න – ඇමති රිෂාඩ්ගෙන් අවවාදයක්

6 January 2019
in දේශීය

වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිතියක් ලියාපදිංචි කරන මුවාවෙන් මහා පරිමාණ මුල්‍ය වංචාවක් සිදුකීරීමට යන බව පවසමින්,සමූපකාර දෙපාර්තමේන්තුවේ හා විෂය භාර අමාත්‍යවරයා ලෙස තම නම ද යොදා ගනිමින් ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය හරහා මේ දිනවල පැතිර යන පුවතේ සඳහන් තොරතුරු පිළිබඳව ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ පිලිබද වාර්තාවක් කඩිනමින් තමාවෙත ඉදිරිපත්කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යාංශ ලේකම් වරයාට හා සමූපාකාර දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විසින් සමූපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකොට තිබියදී ඒවායේ දත්ත උපයෝගී කරගනිමින් සමූපාකාර දෙපාර්තමේන්තුව යටතේ සමාගමක් ලියාපදිංචි කොට සියයට 7.5 ක පොලී අනුපාතයක් මත චීනයේ යුනාත් නැමැති ආයතනයකින් රුපියල් කෝටි එක්දහස් එකසීය තුනක(1103) ණය මුදලක් ලබා ගැනීමේ සැලසුමක් ඇතිබවට ගොවි සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු හා වී මෝල් හිමියන්ගේ සංගමයේ කිහිප දෙනෙකු විසින් පසුගිය සතියේදී මාධ්‍ය හමු පවත්වමින් ප්‍රකාශ කිරීම සම්බන්දවයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් චැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා “ ගොවි සංවිධාන නියෝජිතයින් හා වී මෝල් හිමියන් කිහිප දෙනෙකු මගේ නමද යොදාගනිමින් මේ කරනු ලබන චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා.විෂය භාර අමාත්‍යවරයා ලෙස මම සමූපාකාර ක්ෂේත්‍රයේ දියුනුවට මිස සමුපකාර ක්ෂේත්‍රයේ පරිහානියට කටයුතු කරල නැහැ.මේ චෝදනාව දේශපාලනික වශයෙන් මාව අපහසුතාවට පත්කරන්න හදන චෝදනාවක්.පසුගිය මාස දෙකක කාලය තුල රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කලු පැල්ලමක් එකතුකරන්න පිරිසක් උත්සාහ කරද්දී ජනතාවගේ පැත්තේ හිදිමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මම මගේ ඇමති ධූරය පවා නැතිකරගත්තා.ඒවා නොරුස්සන ඇතැම් පිරිස් විසින් මේ විදියට අසත්‍ය ප්‍රකාශ පතුරනවා කියලයි මට හිතෙන්නේ. කොහොම නමුත් මේ චෝදනාව පිලිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වල ඒ පිළිබද වාර්තාවක් මට කඩිනමින් ලබාදෙන්න කියල මම අමාත්‍යාංශ ලේකම්වරයාට හා සමුපකාර දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට මේ වනවිටත් දැනුම්දීලයි තියෙන්නේ.මේ මාධ්‍ය හමු පවත්වමින් ඉන්න පිරිසගෙන් ඉතාකාරුණිකව මම ඉල්ලා සිටින්නේ ගැටලුවක් ඇත්නම් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලයි. යැයි අමාත්‍යවරයා පැවසිය.

Post Views: 13
Previous Post

කවුද තමන්ව නැගිට්ටෙව්වේ කියලා මතක තියා ගන්න ඕන- දුමින්දගෙන් රිදෙන කතාවක්

Next Post

දේශපාලනය පසෙකලා ලංගම රැක ගන්න – ඇමැති අශෝක සියළු සේවකයින්ට කියයි

editor

editor

Next Post

දේශපාලනය පසෙකලා ලංගම රැක ගන්න - ඇමැති අශෝක සියළු සේවකයින්ට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved