• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූණු ගොවීන්ට රක්ෂණ වන්දි

8 October 2018
in සංවර්ධන

දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූණු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී ඇති බවත් යල කන්නයේ දී ඇතැම් ගොවීන් විසින් වගා කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් වර්ෂා කාලයට වගාවන් වැස්සට හසුවීම සිදු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එම ගොවීන් සඳහා වගා හානි වන්දි ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (07) පස්වරුවේ කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

මෙම රජය බලයට පත්වීමට පෙර වගා හානි ලබා ගැනීමට නම් ගොවින් විසින් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත යුතු වු අතර ඒ සඳහා වාරික දායක මුදලක් ගෙවිය යුතුව තිබිණි. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ප්‍රධාන බෝග 06ක් සඳහා දායක මුදලකින් තොරව නොමිලේ වගා රක්ෂණය ලබා දීමේ වැඩ පිළිවෙළක් 2018 යල කන්නයේ සිට අරඹනු ලැබීය.

ඒ අනුව වී, අමු මිරිස්, ලොකු ලූණු, අර්තාපල්ල බඩඉරිගු හා සෝයාබෝංචි වගා කරන ගොවීන්හට නියඟය, වැස්ස හා වනඅලින්ගෙන් වගා හානියක් සිදුවුවහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් වගා හානි වන්දි මුදල් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා රජය වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 5228කි.

ඒ අනුව දඹුල්ල හා වෙනත් ප්‍රදේශවල ලොකුලූනු වගා කර ඇති ගොවීන්ගේ වගාවන් වැස්ස නිසා හානියට පත්ව තිබෙන හෙයින් ඒවා නිවැරදි තක්සේරුවක් කර අදාල වන්දි මුදල් වහාම ලබා දීමට පියවර ගන්නා ලෙසත්, සතියක් ඇතුළත මේ සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින්හට ඊයේ පස්වරුවේ උපදෙස් දෙනු ලැබීය.

රටේ ජනතාවගේ කුසගින්දර නිවීම සඳහා කටයුතු කරන ගොවි ජනතාව ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව කී අමාත්‍යවරයා කිසිදු ගොවියෙකුට වගා හානිවලින් පීඩාවට පත්වීමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා කීය.

 

Post Views: 7
Previous Post

නෝර්විජියානුවන් මෙරට සමඟ එක්ව තොරතුරු තාක්ෂණය කාර්යය අගය කරන බව අගමැති කියයි

Next Post

විජයකලාට ඇප (Update)

editor

editor

Next Post

විජයකලාට ඇප (Update)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved